IMG-LOGO

ඊශ්‍රායලය කොරෝනා එන්නතක් අත්හදා බලයි

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා සඳහා සංවර්ධනය කෙරුණු එන්නතක සායනික අත්හදා බැලීම් ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි.

‘කොවිඩ්-19’වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊශ්‍රායලය ඉකුත් සැප්තැම්බර් මාසයේදී රටට බලපැවැත්වෙන පරිදි ලොක්ඩවුන් සීමා පැනවීය. කෙසේ නමුත් වයිරස ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබීමත් සමඟ එම සීමා ලිහිල් කිරීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගෙන ඇත.

‘‘අපිට බලාපොරොත්තුවක් ඇතිවෙලා’’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තෙල් අවීව් නුවර පිහිටි ෂෙබා මෙඩිකල් වෛද්‍ය මධ්‍යස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.

වයිරසයට එරෙහිව එන්නතක් සංවර්ධනය කරන්නැයි ඊශ්‍රායල ජනාධිපතිවරයා වයිරසය පැතිරීමට පටන් ගත් මුල් අවස්ථාවේදී ඊශ්‍රායලයේ ජෛව පර්යේෂණ ආයතනයට උපදෙස් දුන්නේ ය.

මේ අනුව සංවර්ධනය එන්නත් අත්හදා බැලීම සඳහා පුද්ගලයන් දෙදෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. ඔවුන්ගෙන් අයකු ෂෙබා වෛද්‍ය මධයස්ථානයේ අයකු වන අතර අනෙක් තැනැත්තා ජෙරුසලමේ පිහිටි හදසා වෛද්‍ය මධ්‍යස්ථානයේ පුද්ගලයෙකි. ඔවුන් දෙදෙනාටම අද (1) එන්නත ලබා දී ඇත.

ඊශ්‍රායලය මුලින්ම පුද්ගලයන් 80 දෙනකු යොදා ගනිමින් මෙම එන්නත අත්හදා බලන අතර දෙවැනි අදියර යටතේ පුද්ගලයන් 980 දෙනකු ද අවසන් අදියර යටතේ පුද්ගලයන් 25,000 දෙනකුද යොදාගනිමින් එමම එන්නත අත්හදා බලනු ඇත.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

ඊශ්‍රායලය කොරෝනා එන්නතක් අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 76 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 148 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 990 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site