ඊජිප්තුවේ හටගෙන ඇති දේශපාලන අර්බුදය නිමා කිරීමේ අරමුණින් එරට නව ජනපති මොහොමඞ් මොර්සි සහ එරට හමුදා පාලක මණ්ඩලයේ නායක හොසාම් අල් ගෙරියානී අතර විශේෂ හමුවක් ඊයේ (12) පැවැත්විණි.
ඊජිප්තුවේ දේශපාලන අර්බුදයක් හටගත්තේ පසුගියදා පැවැති ජනපතිවරණයෙන් මුස්ලිම් සහෝදරත්වය පක්ෂ නායක මොහොමඞ් මොර්සි ජයග‍්‍රහණය කර නව රජයක් පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේදීය.
ජනපති මොර්සිගේ නව පාර්ලිමේන්තුවක් පත් කිරීමේ ක‍්‍රමවේදයට විරෝධය පළ කරමින් හමුදා පාලක මණ්ඩලය අධිකරණයට හමුවට ගියේය.
හමුදා පාලක මණ්ඩලට පක්ෂව අධිකරණය තීන්දු කළේ පාර්ලිමේන්තුව පත් කිරීමේ ක‍්‍රමවේදයට නීති විරෝධී කියාය. එහිදී නව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද නියෝග කෙරුණි. එවිට නව ජනපති ලෙස මොර්සි ඔහුගේ බලතළ පාවිච්චි කරමින් ජනපති ආඥාවක් මගින් පාර්ලිමේන්තුව යළි කැඳැවීය.
එම ජනාධිපති ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බල රහිත කර නැවතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කෙරුණි. ජනපතිවරයා හමුදා පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කළේ ඉන් පසුවය.
2025 ඔක්තෝබර් මස 08
1911
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1522
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊජිප්තු ජනපති - හමුදා පාලක මණ්ඩලය අතර විශේෂ හමුවක්