IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තු ජනපති මොර්සි නීතීඥවරුන් සමඟ සාකච්ඡා

අධිකරණයේ බලය කප්පාදු කිරීමට සූදානම් වන බවට චෝදනා එල්ල වී සිටින ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි සහ නීතීඥ සංගම් අතර විශේෂ හමුවක් පෙරේදා (26) කයිරෝ අගනුවරදී පැවැත්විණි. ජනපති මොර්සිගේ රජය හඳුන්වා දීමට සැරසෙන නව නීති මගින් අධිකරණය දුර්වල කිරීමට බලාපොරොත්තු වන බව නීතීඥ සංගම් පවසන අතර එම සංගම් එක් වී ඉකුත් 24 වැනිදා වැඩ වර්ජනයක් ද පැවැත්විය. එම වැඩ වර්ජනය සහ ජනතා උද්ඝෝෂණත් මෙහෙයවනු ලැබුවේ ඊජිප්තුවේ විශාලතම විනිසුරුවරුන්ගේ සංගමය මඟිනි. විනිසුරුවරුන් එම අවස්ථාවේදී එක හඬින් කියා සිටින්නට වූයේ ජනපති මොර්සිගේ නව රජය බලයෙන් ඉවත් විය යුතුයි කියාය. රජයට විරෝධය පළ කරමින් දහස් ගණනින් කයිරෝ අගනුවරට රැස්ව විරෝධතා පෙළපාළි ගිය අවස්ථාවේදී එම පිරිස් මර්දනය කිරීමට පොලිසිය යෙදවීමට සිදු වූ බව ඊජිප්තු රජය පැවැසීය. හටගත් අර්බුදය සමථයට පත් කිරීමට මොර්සි සහ නීතීඥ සංගම් අතර සාකච්ඡුා ආරම්භ වූ බව විදෙස් පුවත් සේවා පවසයි.



අදහස් (0)

ඊජිප්තු ජනපති මොර්සි නීතීඥවරුන් සමඟ සාකච්ඡා

කිවී Thursday, 29 November 2012 07:39 AM

අපේ අයව ආදර්ශයට අරන් වෙන්න ඇති !!! (ස)

:       0       0

මුතුකුඩ Thursday, 29 November 2012 03:09 PM

මධු, ඕක අසුභවාදී දැක්මක්. (නි)

:       0       0

ජෝස් Wednesday, 28 November 2012 07:59 PM

ඊළගට කොයි රටද? (නි)

:       0       0

මධු Friday, 30 November 2012 12:27 AM

අනුන්ගේ අදහස් විවේචනය නොකර අදහසක් දාන්න මුතුකුඩ (නු)

:       0       0

මධූ Wednesday, 28 November 2012 02:22 PM

තවත් ඒකාධිපතියෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 217 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 407 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site