IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. බැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊශ්‍රායලය වහා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වෙද්දී, ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය, එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවත්, ගුවන් කලාපය වසා දැමීමට තීරණය කළ බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

තමන් ඊශ්‍රායලයට පහර දෙන බැවින්, ඊශ්‍රායලයේ මිතුරා ඇමෙරිකාව ‘පැත්තකට වී සිටියොත් හොඳයි’ යැයි ඉරානය ඇමෙරිකාවට ද තර්ජනය කර තිබුණි. ඉරානයේ එම තර්ජන මැද, ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස, ඇමෙරිකන් යුද නැව් ගල්ෆ් කලාපයට යැවීමට ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.

ඉරානය මෙසේ ඊශ්‍රායලයට පහර දීමට තීරණය කළේ, මීට දින කීපයකට පෙර, ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි ඉරනා කොන්සල් කාර්යාලය විනාශ වීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.

(අල් ජසීරා)



අදහස් (2)

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්

විශ්ම බණ්ඩාර Sunday, 14 April 2024 06:11 AM

ඔන්න ඉරානේ අවුරුදු කන්නයි හදන්නේ. ඊශ්‍රායලය කෑම ලෑස්ති කරයි ටක්ගාලා...

:       5       1

Asanka Prasad Sunday, 14 April 2024 08:21 AM

ඉරානය විසින් විදේශ මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඩ්‍රෝන ප්‍රහාරයන් 100කට අධිකයි... මිසයිල ප්‍රහාරයන්ට අමතරව මැදපෙරදිග ඔය ලෙස ඇවිලීම තුළින් අපේ රටද යම් අර්බුදයකට ලක්වෙනවා. අපේ තේ මිලදී ගන්නා වගේම අපි තෙල් මිලදී ගන්නා රටක් වන ඉරානයට ඉදිරියේ ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පැනවීමට හැකියාව පවතිනවා. අපේ ජනතාව ඔය ඊශ්‍රායලය වගේම ඉරානයේත් සේවය කරනවා. ඒ අයගේ ජීවිත ආරක්ෂාව ගැටළු පැන නගිනවා. ඒ අයට රැකියා අහිමිවෙන්න පුළුවන් අවධානමක තියෙන්නේ... ඊශ්‍රායලයට මුස්ලිම් අන්තවාදී සංවිධාන දෙකක් පහර දෙනවා වගේම සිරියාවත් පහරදීම සිදුකරනවා. දැන් ඉරානය, ඊශ්‍රායලය වෙත බටහිර රටවල් සහායට ආවොත් ලෝක යුද්ධයකට සමාන තත්වයක් පවතීවි... ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් පවතින අපේ රට නැවත අර්බුදයට ලක්වීමට හැකියාව පවතිනවා...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site