
ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉරානයෙන් පළිගන්නා බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත.
හවුති සටන්කාමීන් එල්ල කළ එම බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන්, කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු අතර, හවුති සටන්කාමීන්, ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
සතුරු මිසයිලයක් ඊශ්‍රායලයට දෙසට පැමිණෙද්දී, ඊශ්‍රායල හමුදාවේ ප්‍රති මිසයිල ක්‍රියාත්මක වී, එම සතුරු මියසිල ගුවනේ දී විනාශ කිරීම සිදුවෙයි.
කෙසේ නමුත් මෙම බැලැස්ටික මිසයිලය එම ප්‍රති මිසයිල පද්ධතියට හසු නොවීම සම්බන්ධයෙන් මේ වනවිට ඊශ්‍රායල හමුදාව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත. බැලැස්ටික මිසයිල ප්‍රහාරයන් තුවාල ලැබූ ගණන 8 ක් යැයි පැැවසෙයි.
යේමනයේ හවුති සටන්කාමීන් යනු ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයකි. මොවුන්ට සහාය දෙන්නේ ඉරානයයි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන්නේ ද මෙම හවුති සටන්කාමීන්ය.
මේ වනවිට ඇමෙරිකාව, යේමනයේ හවුති සටන්කාමී සංවිධානය ගෝලීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත. ඇමෙරිකාව දිගට හරහට හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරානයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නවා