
හෝමූස් විවෘත කිරීම සම්බන්ධයෙන්, පැහැදිලි පිළිගත හැකි එකඟතාවක් ඇතිකර ගැනීමට ඉරානය අපොහොසත් වන්නේ නම්, පහර පිට පහර එල්ල කරමින්, ඉරාන ශිෂ්ටාචාරය විනාශ කරන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබුණු නමුත්, එම ප්‍රහාර සති දෙකකට කල් දැමීමට ට්‍රම්ප් තීරණය කළේය. ඒ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත කිරීමට ඉරානය එකග වූ බව පවසමිණි.
මේ වනවිට, පාකිස්තානය මැදිහත් වී ඇමෙරිකාව සහ ඉරානය අතරේ කඩිනම් සටන් විරාමයක් සම්බන්ධයෙන් සහ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවෙයි. එය සාර්ථක වෙමින් පවතින බවක් දක්නට ලැබෙයි.
“පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් පසු ඉරානය මුළුමනින්ම විනාශ කිරීමට මා ගත් තීරණය මා සති දෙකකට කල් දැම්මා. හෝමුස් සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරාන ඉස්ලාමීය ජනරජය එකඟ වී තිබෙනවා. ඒ අනුව සටන් විරාමයක් ආරම්භ වේවි” යැයි ජනපති ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.
මේ සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිවක් පවසා නැත. ට්‍රම්ප් පහර දෙන බව පැවැසූ අවස්ථාවේ, ඕනෑම ආකාරයේ ප්‍රහාරකයට මුහුණ දෙන්න තමන් සූදානම් බව ඉරානය පවසා තිබුණු අතර, ඉරාන වැසියෝ ද ඇමෙරිකන් ප්‍රහාරයක් අපේක්ෂාවෙන් පසුවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුදායක ආරංචියක්. යුද්ධය පීඩාකාරීය. ඒ වගේම, හිංසාකාරීය. යුද්ධයෙන් විනාශ වන දේපළ හා වටිනා මිනිස් ජීවිත අවි ආයුධවලින් හෝ බෝම්බවලින් නැවත ලබාගත නොහැකියි. එනිසා යුද්ධ උන්මාදයෙන් පෙළෙන්නන්ට වඩා ලෝවට වටින්නේ සාමකාමී මිනිසුන්.
හොමුස් සමුද්‍ර සන්ධියේ ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අවසර නැත.
ලෝකයම දන්නවා තම තමන්ගේ තරම දැන්,,, කටින් බතල හිටවනවා කියන්නේ ඹන්න ඹකට තමයි,,, කොම්පියුටර් ගෙම් AI ගෙම්,පිල්ම් මේවායින් ලොකය රැවැට්ටුවා,,සෑම රටකටම ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දීම තමයි වෙන්න ඕන,,,
ඉරානෙට කෙසේ වෙතත් අපි වගේ රටවල් වලට නම් පහර පිට පහර ලැබුනා
යුද්ධය නිමාවී සාමය උදාවේවා යන්න කාගේත් ප්‍රාර්ථනය යි. යුද්ධ කිරීමෙන් ලැබෙන ප්‍රතිපලයක් නැත.
සාමකාමී ලෝකයක් පතන සියළු ලොවැසියන් පැතූ සතුටුදායක ආරංචියක්... කොහොම වුණත් ඇමරිකානු ඊශ්‍රායල හමුදා ප්‍රහාර දියත් කල පෙබරවාරි 28 දිනට පෙර තිබූ පරිදිම හෝමූස් සමුද්‍ර සන්ධිය යළිත් ජාත්‍යන්තර මුහුදු ගමන් සදහා ආරක්ෂිතව සහ බාධක වලින් තොරව විවෘත විය යුතුය. ඉරාන හො ඔවුන්ගේ හිතවාදී ත්‍රස්තවාදී හෙන්චයියන් ඇමරිකානු කදවුරු වලට හො ඔවුන්ගේ හිතවාදී රටවලට යළි යළිත් පහර දීමට පෙළඹෙනවා නම්, ඇමරිකානු/ඊශ්‍රායල හමුදාවලට නැවත වරක් "වැඩ පටන් ගැනීමට" සිදු වනු ඇත ...
ඉතාම හොඳ ආරංචියක්.. නමුත් ට්‍රම්ප් කියන්නේ මහ කපටි කෙනෙක්.