ඉරාකයේ ෂියා මුස්ලිම් වෙළෙඳ පොළක ඊයේ (28) අධි බලැති බෝම්බ 4 ක් පුපුරා යෑමෙන් 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන සියයකට වැඩිය.
එය සුන්නි මුස්ලිම් සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයක් යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. අල් කයිඩා සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පවත්වන්නේ එම සටන්කාමීන්ය.
තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත් බව ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.
ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රමය අවසන් කර පිට වී ගියත්, එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න නොලැබෙන බවටත්, ෂියා සහ සුන්නි මුස්ලිම් ආගමික ගැටුම් දිනෙන් දින උත්සන්න වන හෙයින් එරට සිවිල් යුද්ධයක් හටගනු ඇති බවටත් දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
ඉකුත් 21 වැනි දා ද ඉරාකයේ සිදුවුණු ගැටුම්වලින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මේ මාසයේ පමණක් සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් මියගිය ගණන 387 ක් යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරාක වෙළෙඳපොළක බෝම්බ පිපිරී 70 ක් මරුට