IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉරාකයේ බෝම්බ පිපිරීම් වැලකින් 40ක් මරුට: 80කට තුවාලයි

ඉරාකයේ සිදුවූ බෝම්බ පිපරීම් මාලාවකින් සහ වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 40 ක් ජීවිතක්ෂයට පත්වූ අතර 80 දෙනෙක් තුවාල ලැබූ බව එරට පොලිස් සහ සෞඛ්‍ය අංශ පවසා සිටී.

සඳුදා සිදුවු මෙම බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් වැඩි ප‍්‍රමාණයක් කාර් බෝම්බ පිපිරීම් වන අතර බැග්ඩෑඩයේ 70ක් ජීවිතක්ෂයට පත්වූහ.
පොලිසිය පවසා සිටින්නේ බැග්ඩෑඩය අවට නගර අටක පිපිරීම් හතක් සිදුවූ බවත් අනෙකුත් ප‍්‍රහාර වෙඩි තැබීම් බවත්ය.වෙඩි තැබීම් වලින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බැග්ඩෑඩයේ කොබාක් ගම්මානයේ පසුගිය සෙනසුරාදා සහ ඉරිදා සිදුවූ ප‍්‍රහාර වලින් 105 දෙනෙකුට ජීවිත අහිමි විය.

මෙම ප‍්‍රහාර වල වගකීම මේ වනතෙක් කිසිවෙකුත් බාරගෙන නොමැති අතර මෙම ප‍්‍රහාර ඉරාක රජය පෙරළා දැමීමට උත්සාහ කරන  අල් කයිඩා සහය ලබන සන්නද්ධ කණ්ඩායම් වල ප‍්‍රහාර බව පැවසේ.

සැප්තැම්බර් මාසයේ ඉරාකයේ සිදුවූ ප‍්‍රහාර වලින් 1000ක් ජීවිතක්ෂයට පත්වූ අතර 2000 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ වාර්තා සඳහන් කරන්නේ පසුගිය සැප්තැම්බර් මාසය මෑත කාලීන වර්ෂ වලදි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩියෙන් සිදුවූ මාසයක් ලෙසය .
 

බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්වූ වාහන සහ ගොඩනැගිලි

 



අදහස් (0)

ඉරාකයේ බෝම්බ පිපිරීම් වැලකින් 40ක් මරුට: 80කට තුවාලයි

ගජමන් Wednesday, 09 October 2013 09:24 PM

ත්‍රස්තවාදය ලොවට හඳුන්වාදී ඒ මතින් යැපෙන, අනික් රටවලට වින කරන ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන අන් රටවල සම්පත් වලට කෑදර අසමජ්ජාති රටක් මේ ලෝකයේ නොතිබූනානම් මේ ලෝකය කෙතරම් අපූරුද? ලස්සනද? (දී)

:       0       0

ඉන්දික Wednesday, 09 October 2013 11:27 AM

අසවලා ඉරාකයට සාමය උදා කරදී ඇත. ඔහුට ජය වේවා! (නි)

:       0       0

ඉන්ද්‍ර Wednesday, 09 October 2013 12:25 PM

මේක දෙවියන්ගේ කැමැත්ත (නි)

:       0       0

මදුර Wednesday, 09 October 2013 12:45 PM

අනේ! මෙහේ ඉන්න අර අලුතෙන් බිහිවුණ අන්තවාදීන් ටිකත් ඒ රටටම යවන්න අපිට පුළුවන් වුණා නම්..... (නි)

:       0       0

එන්. Wednesday, 09 October 2013 06:57 PM

අපි ගිය තැන ඔහොම තමයි සහෝදරයා (නි)

:       0       0

වීර Wednesday, 09 October 2013 07:03 PM

මේ ලෝකයම මරාගන්නේ කවුරුන් නිසාදැයි පැහැදිලිය.ඔහු ඉපදුණේ නැත්නම් මේ ලෝකය කොතරම් ලස්සනද? (නි)

:       0       0

රණා Thursday, 10 October 2013 07:42 AM

ඉරාකයට මෙවන් ඉරණමක් උදා කර දුන් ලෝක පොලිස්කාරයට දැන් හරි සතුටු ඇති. සිරියාවටත් කරන්න හැදුවේ ඔය ටික තමා. රුසියන්, චීන බලය නොවන්න තවත් රටක් ඉවරයි. (නි)

:       0       0

කුමාරි Wednesday, 09 October 2013 01:15 PM

රටවල් ගණනාවක අර්බුද ඇති කළ අල්කයිඩා එක ගැන ඇයි දැන්වත් තීරණයක් නොගන්නේ? (නි)

:       0       0

චමින්ද Thursday, 10 October 2013 08:56 AM

වීර , ඔබේ කතාව සහතික ඇත්ත(දිල්)

:       0       0

ධම්ම Wednesday, 09 October 2013 02:14 PM

බැබිලෝනියාව ගිණි තියපු උන්ට හොඳක් නම් වෙන්න එපා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site