IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉරාකයේ නගර හතරක බෝම්බ පිපිරී 23 ක් මරුට

ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් ඉරාකයේ නගර හතරක ඊයේ (20) බෝම්බ පහක් පුපුරා ගිය අතර එයින් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 140 කි. ජීවිත හානි රැසක් සිදුවූයේ කර්බාලා නුවර ෂියා මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට පුපුරා ගිය අධි බලැති බෝම්බ දෙකෙනි. එහිදී 15 දෙනකු මියගිය බවත් 39 දෙනෙකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. එම බෝම්බ පිපිරීමෙන් පැය කීපයක් ගත වෙද්දී තවත් බෝම්බ තුනක් බැග්ඩෑඞ් නුවර ෂියා මුස්ලිම් දේවස්ථාන තුනක පුපුරා ගියේය. බෝම්බ පිපිරීම් සිදුවූයේ ඇමෙරිකා හමුදා ඉරාකය ආක‍්‍රමණය කර සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමීමේ නව වැනි සංවත්සරය සමරද්දී යැයි ඉරාක මාධ්‍ය වාර්තා කරයි. බෝම්බ පිපිරීම්වලට හසුවී තුවාල ලබා රෝහල් ගතකළ අයගෙන් 30 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත්, මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග බිය පළ කරයි. ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ මෙය සුන්නි මුස්ලිම් සටන්කාමීන් විසින් සිදු කරනු ලැබූ බෝම්බ ප‍්‍රහාර බවය. කෙසේ නමුත් ප‍්‍රහාරවල වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර ගැටුම් 2006 සහ 2007 වර්ෂවලදී උග‍්‍ර විය. එහෙත් ඉකුත් පෙබරවාරි මාසයේ සිට එම ගැටුම් යළිත් වරක් උත්සන්න වෙමින් පවතී. ඒ, ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකා හමුදා ඉරාකයෙන් පිටවී යෑමෙන් පසුවය. බෝම්බ ප‍්‍රහාර සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් ඉකුත් පෙබරවාරි මාසයේ පමණක් මියගිය ගණන 150 කි.



අදහස් (0)

ඉරාකයේ නගර හතරක බෝම්බ පිපිරී 23 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 129 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site