විපක්ෂයේ දෝශාභියෝගයට මුහුණ දෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පාකිස්තාන ජාතික සභාවේ (පාර්ලිමේන්තුවේ) බහුතරය අහිමි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට වන අතර, 2018 මැතිවරණ ජයෙන් පසු ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පිහිටුවා ඇත්තේ සභාග රජයකි.
එම සභාග රජයේ ඉම්රාන් ඛාන්ගේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන්නේ ‘මුතාහිදා ක්වාමි පෙරමුණ’ පක්ෂයයි. මෙම පක්ෂය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයෙන් වෙන්වී, පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය වන ‘ජනතා පක්ෂය’ සමඟ එක් විණි.
පාකිස්තානය වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් වගකිව යුතු යැයි චෝදනා නගමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ද බිලාවිල් භූතෝ නායකත්වය දෙන පාකිස්තාන ජනතා පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයයි.
‘මුතාහිදා ක්වාමි පෙරමුණ’ විපක්ෂය සමඟ එක්වීමත් සමඟ පාකිස්තාන ජාතික සභාවේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ට ඉතිරිවී ඇත්තේ 164 ක් පමණි. ඒ අනුව, ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙයි.
පාකිස්තාන ජාතික සභාවේ ආසන 342 කි. බහුතර බලය සඳහා ආසන 177 ක් තිබිය යුතුය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගය විවාදයට ගැනීමට නියමිත අතර, ඡන්ද විමසුම ලබන 3 වැනිදා පැවැත්වෙනු ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉම්රාන්ට බහුතරය නෑ