කොරෝනා වසංගතය මැද, ඉන්දියාවේ ප්‍රාන්ත 5 ක පැවැති ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (2) උදෑසන ආරම්භ වෙයි.
මැතිවරණ පැවැත්වූ ප්‍රාන්ත වන්නේ තමිල්නාඩුව, පුදුචෙරී, කේරළය, බංගාලය සහ ඇසෑම යයි.
ඉන්දීය මැතිවරණ කොමිසම පවසා ඇත්තේ ඡන්දය ගණන් කිරීම ඉන්දීය වේලාවෙන් උදෑසන 8 ට ආරම්භ වනු ඇති බවය.
ඉන්දියාවේ කොරෝනා වයිරසය ඉහවහා යෑමට එක් හේතුවක් වූයේ ද මෙම ප්‍රාන්ත සභා මැතිවරණ යැයි සෞඛ්‍ය අංශ චෝදනා කර තිබේ.
මැතිවරණ කටයුතු අදියර කීපයක් යටතේ පැවැත්වූයේ පසුගිය මාර්තු 27 වැනිදා සිට අප්‍රේල් 29 දක්වාය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd