IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය අගමැති ලාඕසය බලා යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නිල සංචාරයක් සඳහා අග්නිදිග ආසියානු රටක් වන ලාඕසය බලා පිටත්ව ගියේය. 

අග්නිදිග ආසියානු රටවල නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 21 වැනි ‘ආසියාන් ඉන්දියා’ සමුළුව සහ 19 වැනිදා නැගෙනහිර ආසියා රටවලරාජ්‍ය නායක සමුළුව ලාඕසයේ දී පැවැත්වෙයි. මෝදි ලාඕසයබලා යන්නේ එම සමුළුවලට සහභාගීවීමේ අරමුණින්ය.

‘ආසියාන්’ සමුළුවට සහභාගී වන සෙසු රටවල් වන්නේ, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව, පිලිපීනය, වියට්නාමය, මැලේසියාව, මියන්මාරය, කාම්බෝජය, බෲනායි රාජ්‍යයයි.

ජපාන නව අග්‍රාමාත්‍ය ෂිගුරු ඉෂිබා ද ‘ආසියාන්’ සමුළුවට සහභාගී වෙයි. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉෂිබාගේ පළමු විදෙස් සංචාරය වන්නේ මෙයයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ නව ජපක් අග්‍රාමාත්‍ය ෂිගුරු ඉෂිබා අතරේ ද හමුවක් සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දීය අගමැති ලාඕසය බලා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site