IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ඉන්දීය අගමැති මෝදිට දොස්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ඉන්දියාවේ ඔඩුදුවද්දී, ඒ ගැන කිසිදු තැකීමක් නොකර ප්‍රාන්ත මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අවධානය යොමු කළැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට චෝදනා එල්ල වීමට පටන්ගෙන තිබේ.

ඉන්දියාවෙන් විකෘති වයිරස ප්‍රභේද හමුවෙද්දී, සෞඛ්‍ය අංශ ඒ බව මෝදි රජයට දැනුම් දී ඇතැයි පැවැසෙන්නේ පසුගිය මාර්තු මුල සතියේය.

කෙසේ නමුත් එම අවස්ථාවේදී ආසාදිතයන් විශාල වශයෙන් අඩුවීමක් පෙන්නුම් කළ බැවින්, මෝදි රජය කොරෝනා වයිරසය ගැන කිසිදු තැනීමක් නොකර, ජනතාව ඒකරාශීකරමින්, දැවැන්ත මැතිවරණ රැලි සංවිධානය කළ බවටත්, ලක්ෂ ගණනින් සහභාගී වූ කුම්බමේලා වැනි හින්දු ආගමික උත්සවවලට අනුග්‍රහය ලබා දුන් බවටත් මෝදි රජයට චෝදනා එල්ල වී ඇත.

ඉන්දියාවෙන් ලක්ෂ 3 ඉක්මවා ආසාදිතයන් වාර්තා වීමට පටන්ගත්තේ විකෘති කොරෝනා වයිරස නිසාත්, ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම නිසාත් යැයි සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසය.

මේ වනවිට ඉන්දියාවේ අවුරුදු 18 ට වැඩි සැමට එන්නත් ලබා දීම ආරම්භ වී ඇති නමුත් රට තුළ එන්නත් හිඟයක් ද පවතින බව ප්‍රාන්ත බලධාරීහු පෙන්වා දෙති.

මෝදිගේ මධ්‍යම රජය පවසා ඇත්තේ එසේ එන්නත් හිඟයක් නොමැති බවය. කොරෝනා වසංගතය මැද මැතිවරණ පැවැත්වීම සිදුවූයේ ඉන්දියාවේ තමිල්නාඩු, පුදුචෙරී, කේරළය, බංගාලය සහ ඇසෑමය යන ප්‍රාන්තවලය. ඒ, පසුගිය මාර්තු 27 වැනිදා සිට අප්‍රේල් 29 දක්වා ය. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ඊයේ (3) සිදුවිය.

අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තනිවම හෝ සෙසු ප්‍රාන්ත දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වෙමින් මැතිවරණයට ඉදිරිපත් වුණු අතර, භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණයක් හිමිවූයේ ඇසෑම් ප්‍රාන්තයෙන් පමණි. භාරතීය ජනතා පක්ෂය මෙවර බටහිර බෙංගාල මැතිවරණයට ඉදිරිපත් වූයේ තතිවමය. ඒ, බෙංගාල මහ ඇමැතිනී මමතා බෙනර්ජිගේ ත්‍රිණමූල කොංග්‍රසයට අභියෝග කරමිනි.

මහ ඇමැතිනියගේ ආධාරකරුවන් බොහෝ දෙනකු පවා තම පක්ෂයට හරවා ගැනීමට ද භාරතීය ජනතා පක්ෂය සමත් වී සිටියේය. කෙසේ නමුත් ප්‍රතිඵල නිකුත් වෙද්දී, මහ ඇමැතිනී මමතා බෙනර්ජිගේ ත්‍රිණමූල් කොංග්‍රසය ජයග්‍රහණය කළේ ආසන 214 ක් දිනා ගනිමිනි. බටහිර බෙංගාල ප්‍රාන්ත සභාව ආසන 294 කින් සමන්විත අතර, බහුතරය සඳහා ආසන 148 ක් දිනා ගත යුතුව තිබුණි.

ත්‍රිණමූල් කොංග්‍රසයට අභියෝග කළ භාරතීය ජනතා පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 77 ක් පමණි. තමිල්නාඩු ප්‍රාන්තය මැතිවරණයට භාරතීය ජනතා පක්ෂය එක් වී සිටියේ හිටපු මහ ඇමැතිනී අභාවප්‍රාප්ත ජයලලිතාගේ 'ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ් මුනේත්‍ර කසාගම්' (ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.) පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි.

කෙසේ නමුත්, මෙවර මැතිවරණයේ දී ආසන 146 කට වඩා දිනා ගනිමින් ජයග්‍රහණය කළේ ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කළ හිටපු මහ ඇමැති අභාවප්‍රාප්ත කරුණානිධිගේ 'ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්' (ඩී.එම්.කේ) පක්ෂයයි. අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ඇසෑම් ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට සමත් වූයේ ආසන 76 කට වඩා දිනා ගනිමිනි.

ඇසෑම් ප්‍රාන්ත සභාව ආසන 126 කින් සමන්විතය. භාරතීය ජනතා පක්ෂය ට අභියෝගයක් වූයේ කොංග්‍රස් පක්ෂයෙනි. කොංග්‍රස් පක්ෂයට ආසන 48 ක් හිමිවිය. කේරළයේ ප්‍රාන්ත වාමාංශික පක්ෂ බලය හිමිකරගත් අතර, භාරතීය ජනතා පක්ෂයේ සහාය ලැබුණු සෙසු දේශපාලන පක්ෂවලට කිසිදු ආසනයක් දිනා ගැනීමට හැකිවූයේ නැත.



අදහස් (0)

ඉන්දීය අගමැති මෝදිට දොස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site