IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාව එරට විදෙස් නිලධාරීන් ගැන ඔත්තු බලලා

ඊශ්‍රායලයේ එන්.එස්.ඕ. ගෲප් සමාගමේ 'පෙගසස්' නමැති මෘදුකාංග භාවිතයට ගනිමින්, ඉන්දීය රජය සහ එරට බුද්ධි අංශ 2017 වසරේ සිට මේ දක්වා නවදිල්ලි අගනුවර විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගැන ඔත්තු බැලීම් සිදු කරන බව ප්‍රංශයේ 'ල මොන්ද්' පුවත්පත උපුටා දක්වමින්, ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පත වාර්තා කර තිබේ.

ඊශ්‍රායලයේ එන්.එස්.ඕ. ගෲප් සමාගමේ 'පෙගසස්' මෘදුකාංගය භාවිතයට ගනිමින්, ස්මාර්ට් ෆෝන් දුරකතන ඔස්සේ, රටවල් කීපයක්, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, නීතීඥවරුන්, සමාජ සහ විපක්ෂ ක්‍රියාකාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු බොහෝ දෙනකු පිළිබඳ ඔත්තු බලන බව තහවුරු වූයේ ඊයේ (19) ඇමෙරිකාවේ 'වොෂින්ටන් පෝස්ට්' සහ මහා බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' යන පුවත්පත් කළ අනාවරණයකින් පසුවය.

ප්‍රංශයේ 'ල මොන්ද්' පුවත්පතට අනුව, ඉන්දියාව, නවදිල්ලියේ රැදී සිටින ඇෆ්ගන්, ඉරාන, චීන, පාකිස්තාන සහ නේපාල තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ගැන ඔත්තු බැලීම් සිදු කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 2017 දී ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවුණු අතර, ඔත්තු බැලීමේ කටයුතු ආරම්භ වී ඇත්තේ එම හමුවෙන් පසුව යැයි 'ල මොන්ද්' පුවත්පත පෙන්වා දෙයි.

'ල මොන්ද්' පුවත්පත වැඩිදුරටත් අනාවරණය කර ඇති අන්දමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ජංගම දුරකතනයක් ද 'හැක් කරමින්' (අනවරයෙන් ඇතුළුවී) ඔහු ගැන ඔත්තු බැලීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කර ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රමාත්‍යවරයා කිසිවක් පවසා නැති බව 'ද හින්දු' පුවත්පත වාර්තා කර තිබේ.
කෙසේ නමුත් පාකිස්තාන රජය කියා සිටියේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ ස්මාර්ට් ෆෝන් දුරකතනයට අනවසරයෙන් කවුරුන් හෝ ඇතුළුවී ඇතැයිදැයි සෙවීමට විශේෂ විමර්ශනයක් කඩිනමින් ආරම්භ කළ බවය.

හින්දු පුවත්පතේ මාධ්‍යවේදීන්ගෙන් එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් විමසීමක් කළත්, ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. මේ අතර, මේ වනවිට ලොව කාගේත් කතාබහට ලක්වී ඇති ඊශ්‍රායලයේ එන්.එස්.ඕ. ගෲප් සමාගම පවසා ඇත්තේ ඔවුන්ගේ සේවා ලබා දීම සහ මෘදුකාංග අලෙවිය සිදුවන්නේ ඊශ්‍රායල රජය හරහා සේවා අවශ්‍ය රටවල බුද්ධිඅංශ වෙත පමණක් බවය. එසේ සේවා සැපැයීම නීති විරෝධී ක්‍රියාවක් නොවන බවත් එන්.එස්.ඕ. ගෲප් සමාගම පැහැදිලි කර තිබේ.

'පෙගසස්' යනු ඊශ්‍රායලයේ නිෂ්පාදිත මෘදුකාංගයකි. මෙය කෙටි පණිවුඩ හෝ අනවශ්‍ය ආකාරයේ ඊ මේල් පණිවුඩයක් ලෙස ස්මාට් ජංගම දුරකතනයට ඇතුළු වී, එම දුරකතනය හිමිකරුගේ සියලු දත්ත ලබා ගැනීම සිදු කරයි. 'ෆේස්බුක්', 'වයිබර්' ආදී සමාජ මාධ්‍යවලට ද නොදැනුවත්වම ඇතුළු වී, ජංගම දුරකතනයේ හිමිකරු හිතවත්කම් පවත්වන්නේ කවුරුන් සමඟ ද යන්න පිළිබඳ විස්තර සොයා බැලීම සිදු කරයි. මේ සියල්ල සිදුවන්නේ හොර රහසේය.

ඊශ්‍රායලයේ එන්.එස්.ඕ. ගෲප් සමාගමේ සේවය ලබා ගනිමින්, 'පෙගසස්' මෘදුකාංගය භාවිතයට ගනිමින්, ඔත්තු බැලීම් සිදු කළ පුද්ගලයන් අතර, ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, අරාබි රජ පවුලේ සාමාජිකයන්, දේශපාලනඥයන්, ව්‍යාපාර ප්‍රබලයන් ආදිය සිටින බව මේවනවිට අනාවරණය වී ඇත. 'පෙගසස්' මෘදුකාංගය භාවිතයට ගන්නා රටවල් ලෙස බව තහවුරු වී ඇත්තේ ඉන්දියාව, අසර්බයිජානය, බහරේනය, සෞදිය, කසක්ස්තානය, හංගේරියාව, මෙක්සිකෝව, මොරොක්කෝව, රුවන්ඩාව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි.

මේ සියලු විස්තර ඊයේ (19) ලොවට හෙළි කළේ කළේ ඇමෙරිකාවේ 'වොෂින්ටන් පෝස්ට්' සහ බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' යන පුවත්පත්ය. 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතට අනුව, 'පෙගසස්' මෘදුකාංගය හරහා ස්මාට් ජංගම දුරකතන 37 ක් හැක් කර (අනවසරයෙන් ඇතුළු වී) තිබේ. 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතේ මාධ්‍යවේදීන් ගැනත් 'ඒ.එෆ්.පී', 'රොයිටර්', 'අල් ජසීරා', 'ද ගාඩියන්' සහ 'ල මොන්ද්' ඇතුළු ලොව ප්‍රධාන පෙළේ පුවත්පත් සහ විද්‍යුත් පුවත් නාළිකාවල මාධ්‍යවේදීන් ගැනත් 'පෙගසස්' මෘදුකාංගය මගින් ඔත්තු බැලීම් සිදු කර තිබේ.

'පෙගසස්' මෘදුකාංගය භාවිතයට ගත් රටවල් බවට තහවුරු වී ඇත්තේ 2016 වසරේ සිට මේ දක්වා එන්.එස්.ඕ. ගෲප් සමාගම පුද්ගලයන් 50,000 ක් ගැන ඔත්තු බලමින් සිටින බව 'ද ගාඩියන්' පෙන්වා දී තිබේ. 'වොෂින්ටන් පෝස්ට්' සහ 'ද ගාඩියන්' පුවත්පත් මේ බව අනාවරණය කළේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍රකොට ගත් රාජ්‍ය සංවිධානයක් වන 'ෆොබිඩන් ස්ටෝරීස්' ආයතනය ලබා දුන් තොරතුරු අනුවය. 'ෆොබිඩන් ස්ටෝරීස්' ආයතනය තොරතුරු ලබා ගත් ආකාරය මෙතෙක් හෙළි වී නැත.

මේ අතර, 2018 වසරේ 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතේ මාධ්‍යවේදියකු ද ලෙස කටයුතු කළ ජමාල් කශොග්ජී ඝාතනය වීමෙන් පසු ඔහුගේ පෙම්වතිය ගැනත් පවුලේ සෙසු සාමාජිකයන් ගැනත් 'පෙගසස්' මෘදුකාංගය හරහා ඔත්තු බැලීම් සිදුවූ බව මේ වනවිට තහවුරු වී තිබේ. ජමාල් කශොග්ජී සෞදි මාධ්‍යවේදියකු වන අතර, ඔහු ඝාතනය වූයේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු විවේචනය කළ බැවින් යැයි පැවැසෙයි. කෙසේ නමුත් එල්ල වන චෝදනා කුමරු තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

(ද හින්දු)



අදහස් (1)

ඉන්දියාව එරට විදෙස් නිලධාරීන් ගැන ඔත්තු බලලා

Weerasena Wednesday, 21 July 2021 05:15 AM

කවුරු කවුරුත් තමන්ට පුලුවන් විදියට ඔත්තු බලනවා තමයි. ඇමරිකාව කෙලින්ම බුකියේ තොරතුරු ගන්නව. ඉන්දියාවට කෙලින්ම ගන්න බැරි නිසා වක්‍රව ගන්නවා. හොඳම වැඩේ කියන්නේ ඉන්දියාව මේ දවස් වල බ්‍රිතාන්‍යයයි, ඇමරිකාවයි පස්සෙම ගියා චීනෙට විරුද්ධව වැඩ කරන්න හිතාගෙන. යුධ අභ්‍යාස එහෙමත් කරා. හැබැයි ඇමරිකාවයි බ්‍රිතාන්‍යයයි ඉන්දියාවට ආපහු කොකා පෙන්නුවා. ඔය යුරෝපා රටවල් පස්සෙ යන කාටත් වෙන්නෙ ඕක තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31155 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site