IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දීය සමාගමක් ස්පුට්නික් V නිෂ්පාදනයට සැරසෙයි

රුසියාවේ ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා මිලියන 100ක් නිෂ්පාදනය කිරීම සඳහා රුසියාව සහ ඉන්දියාවේ තවත් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන පැනසියා බයෝටෙක් සමාගම ගිවිසුම් අත්සන් කර ඇත.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින වසංගත රෝග සහ ක්ෂුද්‍ර ජීව විද්‍යා පර්යේෂණ ආයතනය වන ගැමෙලයා පර්යේෂණ ආයතනය ‘ස්පුට්නික් V’ එන්නත සංවර්ධනය කරන ලදි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ලියාපදිංචි කරන ලද මුල්ම එන්නත වන්නේ ද රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත යි.

රුසියාවේ ‘ස්පුට්නික් V’ එන්නත මේ වනවිට සියයට 91.6ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.

“වසංගතයට එරෙහිව සටන් කරන්න සහ එයින් මිදෙන්න පුළුවන් එකම ක්‍රමය එන්නත් සහයෝගීතාවය යි. ලෝකය දිගින් දිගටම නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරනවා. ඒ අතර ‘ස්පුට්නික් V’ එන්නතට තිබෙන ඉල්ලුමත් වැඩි වෙමින් තිබෙනවා. එය දැනට නව කොරෝනා වයිරසයට එරෙහිව තිබෙන හොඳම එන්නත්වලින් එකක්” යැයි රුසියාවේ ආර්.ඩී.අයි.එෆ්. හී ප්‍රධාන විධායක නිලධාරී කිරිල් දිමිත්‍රිව් පැවැසීය.

රුසියාවේ ‘ස්පුට්නික් V’ නිෂ්පාදනය කිරීමේ සියලු මූල්‍ය වියදම් දරන ලද්දේ රුසියාවේ ආයෝජන අරමුදල වන ‘රෂියා ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් (ආර්.ඩී.අයි.එෆ්)’ අරමුදල යි.

ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා මිලියන 100 නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගම සමඟ අත්සන් තබන්නේ රුසියාවේ ආයෝජන අරමුදල වන අතර එම අරමුදල ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ තවත් සමාගම් පහක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇත.

රුසියාවේ ආයෝජන අරමුදලට අනුව මේ වනවිට ස්පුට්නික් V’ එන්නත රටවල් 59ක අනුමැතිය හිමි වී ඇත.

හින්දුස්තාන් ටයිම්ස්



අදහස් (0)

ඉන්දීය සමාගමක් ස්පුට්නික් V නිෂ්පාදනයට සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site