IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ඉන්දීය සංචාරයකට පුටින් සූදානම්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලබන මාසයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නව කොරෝනා වයිරස වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා විදේශයක සංචාරයක කරන පළමු අවස්ථාව මෙය වේ.

මේ අනුව රුසියානු ජනාධිපතිවරයා දෙසැම්බර් 6 වැනිදා ඉන්දියාවට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

ඉන්දියාව සහ රුසියාව අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් රුසියානු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කරන අතර ඉන්දියාව ඔහු මහත් ඉහළින් පිළිගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

රුසියාව ඉන්දියාවේ සාම්ප්‍රදායික මිත්‍රයෙකි. කෙසේ නමුත් පසුගිය කාලයේ දී ඉන්දියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉන්දියාව තරමක් දුරට රුසියාවෙන් දුරස්ථ වෙමින් සිටින බවක් නිරීක්ෂණය වන බව ද ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

ඉන්දියාව ක්වොඩ් කණ්ඩායමට එකතු වීම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීම යනාදිය ඊට හේතු වී තිබේ.

කෙසේ නමුත් ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව සමඟ යහපත් සහ දීර්ඝකාලීන සම්බන්ධතා පවත්වා ගන්නා අතරම ඇමෙරිකාව හෝ රුසියාව හෝ දෙරටින් එකකටවත් නැඹුරු නොවීමට වග බලාගෙන ඇත.

රුසියාව මේ වනවිට ඉන්දියාව ට සිය එස් - 400 ගුවන් ආරක්ෂක පද්ධතියක් ලබාදීමට ද පියවර ගෙන ඇත.

එපමණක් නොව ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව සහ රුසියාව මොස්කව් නුවරත් නවදිල්ලි නුවරත් කලාපීය පාර්ශව සම්බන්ධ කරගනිමින් දීර්ඝ සහ පුළුල් සාකච්ඡා පැවැසීය.

(හින්දුස්තාන් ටයිම්ස්)



අදහස් (0)

ඉන්දීය සංචාරයකට පුටින් සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 726 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site