IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා ජනාධිපතිවරණය ඇරැඹෙයි:

ඉන්දියා ජනපතිවරණය ඊයේ (19) ආරම්භ වූ අතර එයින් කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සභාග රජයේ අපේක්ෂක ප‍්‍රණාබ් මුඛර්ජි නියතවශයෙන්ම ජයග‍්‍රහණය කරන බවට අනාවැකි පළ වී තිබේ. ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලවල සහ ප‍්‍රාන්ත සභා මන්තී‍්‍රවරුන්ගේ ඡන්දයෙනි. ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 20 වැනි දා ආරම්භ වීමට නියමිත අතර එදිනම ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එරට ජනාධිපතිවරයා නාමික රාජ්‍ය පාලකයකු වන අතර ඔහුට වඩා බලතල හිමි වන්නේ අගමැතිවරයාටය. වැඩි බලතල නොමැති වුවත් පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට බහුතරයක් නැති අවස්ථාවක අගමැතිවරයකු පත් කිරීමේ බලය ජනපතිවරයා සතු වේ. දැනට ඉන්දියාවේ පවතින දේශපාලන වාතාවරණය අනුව 2014 දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කවර පක්ෂයකටවත් බහුතරයක් නොලැබෙන බවට ලකුණු පහළ වී ඇත. ඒ අනුව 76 හැවිරිදි මුඛර්ජි ජනපතිධුරයට පත් වුවහොත් ‘රජුන් තනන්නකු’ බවට පත් වෙයි. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාර්ලිමේන්තුවේදී ප‍්‍රණාබ් මුඛර්ජි (මැද) සිය ඡන්දය ප‍්‍රකාශ කළ අවස්ථාව. කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි (වමේ), ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ද මෙහි වෙති.



අදහස් (0)

ඉන්දියා ජනාධිපතිවරණය ඇරැඹෙයි:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site