IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවේ ළමා රෝහලක ගින්නක්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෝපාල් නගරයේ පිහිටි කමලා නේරු ළමා රෝහලේ ඇති වූ හදිසි  ගින්නකින් අලුත ඉපදුන කුඩා බිළිඳුන් 04 දෙනෙකු මියයෑමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තාවේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් රෝහලේ අලුත උපන් විශේෂිත දරුවන් සදහා වන ඒකකය තුළ මෙම ගින්න හටගෙන ඇති බව ඉන්දීය බලධාරීන් කියා සිටී. ගිනි නිවීමේ අංශයේ මැදිහත්වීම මත රෝහලේ සිටි බිළඳුන් 36 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සමත්ව ඇත.

මියගිය බිළිඳුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 04 බැගින් වන්දි ලබාදීමට මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන ඇමති ෂිව්රාජ් සිං චව්හාන් තීරණය කර ඇති අතර මෙම සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසද ප්‍රධාන ඇමතිවරයා නියෝග කර තිබේ.

නිසි ප්‍රමිතියට ඉදිකිරීම් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි ගිනි ගැනීම් ඉන්දියානු රෝහල්වලින් බහුලව වාර්තා වන අතර  පසුගිය ඉරිදා මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක්ද ගිනිගැනීමට ලක් වූ අතර පුද්ගලයන් 11 දෙනෙකු ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්විණි.

(අල් ජසීරා / එන්.ඩී.ටී.වී)



අදහස් (0)

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site