ජාත්‍යන්තර කම්කරු අයිතිවාසිකම් හා මානව හිමිකම් සුරැුකීමේ ගිවිසුමකට අත්සන් තැබෙන තුරු, ගෘහ සේවිකාවන් සෞදි අරාබියට සේවය සඳහා යැවීම නතර කිරීමේ යෝජනවක් ඉන්දුනීසියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ඉන්දුනීසියානු කම්කරු අමාත්‍ය මුහුමින් ඉස්කන්දර් පැවසූ බව අන්තාරා ඉන්දුනීසියානු දේශීය ප‍්‍රවෘත්ති ආයතනය වාර්තා කරයි. මේ අනුව ඉන්දුනීසියානු ගෘහ සේවිකාවන් සෞදි අරාබියට සේවය සඳහා යැවීම අත්හිටුවීම 2011 අගෝස්තු මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වීමට නියමිතය. සෞදියේ ගෘහ සේවයේ යෙදී සිටි 54 හැවිරිදි ඉන්දුනීසියානු කාන්තාවක විසින් තම සේවාදායිකාව පිහියෙන් ඇණ මරා දැමීමේ වරදට දඬුවම ලෙස පසුගිය ජූනි මස 18 වැනිදා ඇය ගෙළ සිඳ මරණයට පත්කර ඇතුවද, සෞදි ආරාබි රජය මේ පිළිබඳව කිසිදු ආකාරයක දැනුම්දීමක් ඉන්දුනීසියානු රජයට කර නැත. ජකර්තා ආරංචි මාර්ග පවසන්නේ සෞදි සේවාදායිකාව විසින් ඉන්දුනීසියානු ගෘහ සේවිකාවට තම මව් රටට යෑම සඳහා නියමිත නිවාඩු ලබා නොදීමේ ආරවුලක ප‍්‍රතිඵලය ලෙස සේවිකාව විසින් සේවාදායිකාව ඝාතනය කර ඇති බවය. මෙම මරණීය දණ්ඩනය පිළිබඳව ඉන්දුනීසියානු රජය දැනුම්වත් නොකිරීම පිළිබඳව තම බලවත් අප‍්‍රසාදය සෞදි රජය වෙත දැනුම් දීමෙන් පසුව, පසුගිය ජූනි මස 22 දින ජකර්තාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය විසින් උක්ත අතපසුවීම පිළිබඳව තම බලවත් කනගාටුව ප‍්‍රකාශ කර ඇත. 2007 වසරේදී ද සේවාදායකයා විසින් ලිංගික අතවරයකට ලක්කිරීමට තැත් කිරීමේදී ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවක තම සේවාදායකයා ඝාතනය කර තිබුණි. ඝාතනයට ලක් වූ සෞදි සේවාදායකයාගේ පවුලේ සාමාජිකයන්ගේ විශේෂ සමාව යටතේ රියාල් දශලක්ෂයක වන්දියක් ගෙවීමෙන් පසුව, දඬුවමට ලක්වූ ගෘහ සේවිකාව නිදහස් කරගැනීමට ඉන්දුනීසියානු රජය එවර සමත් විය. සෞදි අරාබියේ ඉන්දුනීසියානු ජාතික ශ‍්‍රමිකයන් ලක්ෂ දොළහකට ආසන්න ප‍්‍රමාණයක් සේවයේ යෙදී සිටින අතර, මින් 70% ක් ම ගෘහ සේවයේ යෙදී සිටින කාන්තාවන්ය. පසුගිය කාලය තුළ මැද පෙරදිග රටවල සේවයේ යෙදී සිටින ඉන්දුනීසියානු කාන්තාවන් සේවා ස්ථානයේදී හිංසනයට ලක්වීම සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති බැවින්, ඉදිරියේදී මෙම වාතාවරණය වෙනස් කිරීම සඳහා රජය දැඩි පියවර ගන්නා බව ඉන්දුනීසියානු රජය ප‍්‍රකාශ කරයි. මැදපෙරදිග රටවල ආර්ථික උද්දීපනය සඳහා ඉන්දුනීසියානු ඉන්දියානු පකිස්ථානු හා ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් ඇද ගැනීමට සමත් වූවද, මෙම ශ‍්‍රමිකයන් එම රටවලදී මුහුණ දෙනු ලබන ම්ලේච්ඡු පෞද්ගලික හා අධිකරණමය දඬුවම් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් වාදීහු තම බලවත් නොසතුට පළ කරති.
2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දුනීසියාව ගෘහ සේවිකාවන් සෞදියට යැවීම නතරකිරීමට යයි
ලසන්ත Wednesday, 28 December 2011 12:07 AM
ඇයි අපේ ලංකාවටත් බැරි මේවගේ තීරණයක් ගන්න.
ඩිල්ශාන් Thursday, 23 May 2013 08:06 PM
ලසන්ත ඔබ හරි.අපේ රටත් මේ වගේ තීරණයක් ගත්තොත් හොඳයි.අපේ කාන්තාවන් මැද පෙරදිග රටවල ගිහින් ආයෙත් ලංකාවට එන්නේ පෙට්ටියෙන්. (නි)
නසාර් Thursday, 23 May 2013 08:17 PM
ලංකා රාජ්‍යයත් මේ වගේ හොද තීරණ ගන්නවා නම් කොච්චර හොදද? (නි)
නසාර් Thursday, 23 May 2013 08:17 PM
ලංකාවත් මේවගේ තීරණ ගන්නවානම්... (ත)
ජානක Wednesday, 07 May 2014 02:11 PM
අපේ අයට එහෙම කලොත් නය ටික ගෙවාගන්නේ නොහොමද? (නදී)