IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉතාලි අගමැති මාරියෝ විශ්වාසභංගය ජයගනී

ඉතාලි පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගය පරාජය කිරීමට අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී සමත් වුවත්, අග්‍රාමාත්‍යවරයාට සිය සන්ධාන රජය පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ඒ, සන්ධාන රජයේ ප්ර්ධාන දේශපාලන කණ්ඩායම් කීපයක් අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීම ප්‍රතික්ෂේප කර ඇති බැවිනි. සෙනෙට් මණ්ඩලයට යොමු කෙරුණු විශ්වාසභංගයේ දී අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී දිගටම ධුරයේ සිටිය යුතු යැයි පෙන්වා දෙමින්, ඔහුගේ සන්ධාන රජයට පක්ෂව ඡන්ද 95 ක් සහ විපක්ෂව ඡන්ද 36 ක් හිමිවිය. ඉතාලි සෙනෙට් මණ්ඩලය ආසන 315 කින් සමන්විතය.

මාරියෝ ඩ්‍රාගී අග්‍රාමාත්‍ය ධුරයට පත් වී සන්ධාන රජයක් පිහිටුවූයේ මීට මාස 17 කට පෙරය. එය බිඳ වැටීමට පටන් ගත්තේ  සන්ධානගත වුණු දේශපාලන පක්ෂ අතරේ පැවැති මත ගැටුම් හේතුවෙනි. සන්ධානගත පක්ෂ අග්‍රාමාත්‍යවරයාට චෝදනා නගා ඇත්තේ ජනතාවගේ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලබා දීමට අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වී ඇති බවය.

ඩ්‍රාගීගේ රජය බිඳ වැටෙන්නේ නම්, පාර්ලිමේන්තුව විසුරුවා එලැඹෙන සැප්තැම්බරයේ යළි මහ මැතිවරණයක් පැවැත්වීමට ඉතාලි ජනාධිපති සර්ගේ මැටරෙල්ලා කටයුතු කරනු ඇත.

තමන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි මාරියෝ ඩ්‍රාගී, ජනාධිපති සර්ගේ මැටරෙල්ලාට පැවැසුවේ පසුගිය සතියේය. කෙසේ නමුත් ඩ්‍රාගීගේ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. සෙනෙට් මණ්ඩලය හමුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉතාලි අගමැති මාරියෝ විශ්වාසභංගය ජයගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site