IMG-LOGO

ඉතාලියේ ප‍්‍රබල භූකම්පනයක්

උතුරු දිග ඉතාලියට බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 6ක ප‍්‍රබලත්වයකින් යුතු භූකම්පනයකින් පුද්ගලයන් හයදෙනකු ජීවිතක්ෂයට පත්ව 50 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට ආපදා කළමනාකරන අංශ සඳහන් කරයි. වසර තුනකට පසුව ඉතාලියට බලපෑ ප‍්‍රබලතම භූ කම්පනය ලෙස සැලකෙන මෙම භූකම්පනයෙහි අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ බොලොග්නා නගරයට සැතපුම් 22ක් වයඹදිගින් පිහිටි ස්ථානයක බව විද්‍යාඥයෝ පවසති. භූ කම්පනය හටගත් අවස්ථාවේදී ශාන්ත අගුස්ටීනෝ ප‍්‍රදේශයේ පිහිටි පිඟන් භාණ්ඩ කම්හලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බව වාර්තා වේ. මීට අමතරව ෆෙරාරා ප‍්‍රදේශයේ දේවස්ථානවල පිහිටි ඝණ්ටාර කුලූණු සහ මධ්‍යතන යුගයට අයත් ඉපැරැණි ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. 2009 වසරේ ඉතාලියට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 6.3ක් සටහන් කළ භූකම්පනයෙන් පුද්ගලයන් 300ක් ජීවිතක්ෂයට පත් වූහ.



අදහස් (0)

ඉතාලියේ ප‍්‍රබල භූකම්පනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 654 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 779 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site