කඩිනම් පියවර නොගතහොත් එළැඹෙන ශීත සෘතුවේදී ඇෆ්ගනිස්තානයේ මිලියන ගණනාවක ජනතාව සාගින්නෙන් පීඩා විඳිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා ඇත.
එරට ජනගහණයෙන් අඩකට වඩා එනම් මිලියන 22.8 ක් පමණ උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ද, එම වැඩිසටහන අවධාරණය කර සිටී.
විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ වයස අවුරුදු 5ට අඩු දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී ඇත.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු විදේශ ආධාර යටතේ දැඩි ලෙස යැපෙන ඇෆ්ගනිස්තානයේ දැනටමත් ආර්ථිකය කඩා වැටී ඇති අතර, ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගෙවීම් නතර කිරීමෙන් තත්ත්වය දරුණු අතට හැරී ඇතැයි ද වාර්තා වේ.
ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණ (IPC) වාර්තාවට අනුව මිලියන 19කට ආසන්න ඇෆ්ගනිස්ථානුවන් හෝ ජනගහනයෙන් සියයට 45ක් “ඉහළ මට්ටමේ ආහාර අනාරක්ෂිත භාවය” අත්විඳිති. කඩිනම් පියවරක් නොගතහොත් නොවැම්බර් සහ මාර්තු අතර එම සංඛ්‍යාව මිලියන 22.8 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඇෆ්ගනිස්ථානයේ ලෝක ආහාර වැඩසටහනෙහි නියෝජිත රිචඩ් ට්‍රෙන්චාර්ඩ් පවසන්නේ මේ තත්ත්වය භයානක බවත් , ඇෆ්ගනිස්ථානය පුරා මානුෂීය තත්වය නරක අතට හැරීමක් බවය.
මේ අනාරක්ෂිත භාවය යන්නෙන් අදහස් වන්නේ මිනිසුන්ට ආහාර හිඟ වීම සහ නිවෙස් වල ආහාර මග හැරීමට පටන් ගැනීම සිදුවන බවද හෙතෙම කියා සිටියේය.
(වොෂින්ටන් පෝස්ට්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් වැසියන් සාගතයක් අබියස