
ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දරුවන් 40කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි.
ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදය, කුසගින්න, මන්දපෝෂණය යන අර්බුදවලින් දරුවන් දැඩි ලෙස පීඩාවට පත්වන බවත් ඒ අතරවාරයේදී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙලෙස දරුවන් 40කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි ද එම අරමුදල කියයි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇෆ්ගනිස්තානයේ දරුවන් සම්බන්ධයෙන් මෑතකදී වාර්තාවක් ද ප්‍රසිද්ධියට පත් කළ අතර එම වාර්තාවේ ද මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වේ.
ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් එකම පවුලේ දරුවන් නවදෙනකු මියගොස් ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් ය.
“ගැහැනු දරුවන් සිවුදෙනකු, පිරිමි දරුවන් දෙදෙනකු ඇතුළු එකම පවුලේ නවදෙනකු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මරණයට පත්වෙලා” යැයි අදාළ වාර්තා වේ.
පුපුරණ ද්‍රව්‍යවල සුන්බුන් කිහිපයක් පුපුරා යෑමෙන් එම මරණ සිදු වේ. කුන්දූස් හි නිවසක එම පිපිරීම සිදුව තිබේ.
එම පිපිරීම හේතුවෙන් තවත් දරුවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
දශක හතරක යුද ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ දස දහස් ගණනක ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
නන්ගර්හාර් හි සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හය හැවිරිදි හිබතුල්ලා ට ඔහුගේ එක් පාදයක් අහිමි වී තිබෙන අතර ඔහු මේ වනවිට කෘත්‍රීම පාදයක් බලාපොරොත්තුවෙන් සිටින බව එහි දැක්වේ.
යුද ගැටුම්වලින් පසු ව බොහෝ ස්ථානවල ඉතිරි වී තිබෙන සුන්බුන් යනාදිය හේතුවෙන් පිපිරීම් රැසක් සිදු ව තිබේ.
ඒ හේතුවෙන් කුඩා දරුවන් ගණනාවක් තුවාල ලබා ඇත.
මේ සම්බන්ධයෙන් ද සිය අවධානය යොමු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සිය වාර්තා වේ සඳහන් කර තිබේ.
(විදෙස් මාධ්‍ය ඇසුරිනි)
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් දරුවන් 40 ක් මියගිහින්