තලේබාන්වරුන් බලය අල්ලා ගැනීමත් සමඟ ඇෆ්ගන් වැසියන් මුහුණ දෙන අර්බුද ගැන සාකච්ඡා පැවැත්වීමට, විශේෂ සමුළුවක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ විය.
සමුළුව පැවැත්වීම සිදුවූයේ, පාකිස්තාන රජයේ මැදිහත් වීමෙනි. පාකිස්තාන රජයේ ඇරැයුමට අනුව, ඇමෙරිකන්, රුසියන් සහ චීන නියෝජිතයන් සමුළුවට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඊට අමතරව ඇෆ්ගන් තලේබාන් රජය නියෝජනය කරමින් තලේබාන් රජයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ කීප දෙනෙක් ද සමුළුවට සහභාගී වූහ.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා 20 වසරක් තිස්සේ පැවැති ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කරමින්, එරටින් පිටවී ගියේ පසුගිය අගෝස්තු මස අවසන් වෙද්දීය. ඒ සැණින් තලේබාන්වරු රටේ බලය අල්ලා ගත් අතර රජයක් ද පිහිටුවූහ.
තලේබාන්වරුන් යළි රටේ බලය අල්ලා ගත්තේ, විදෙස් අනුග්‍රහයෙන් පැවැති ඇෆ්ගන් රජය පෙරළා දමමිනි. පසුගිය වසර 20 ක කාලයේ ඇෆ්ගනිස්තානයට ලැබුණු විදෙස් ආධාර ඒ අනුව නැවැතී ගියේය. තලේබාන්වරුන් පවසා ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය.
චීනය පවසා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ සංවර්ධන කටයුතු සඳහා දායක වීමට සූදානම් බවය. කෙසේ නමුත්, එසේ කිරීමට නම්, ඇෆ්ගනිස්තානයේ ස්ථාවර රජයක් තිබිය යුතු යැයි චීනය පෙන්වා දී ඇත. තවමත් ඇෆ්ගනිස්තානයේ ස්ථාවර රජයක් නිර්මාණය වී නොමැති අතර, ඇෆ්ගන් වැසියෝ දරුණු ආහාර අර්බුදයකට මුහුණ පා සිටිති. විදේශවලින් ලැබෙන ආධාර ද පෙර පරිදි නොලැබීමත් සමඟ ඇෆ්ගන් වැසියන් මහා මානව ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර සමුළුව පැවැත්වෙද්දී තලේබාන් පාලනයට නතුවුණු ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් තවත් විශේෂ සමුළුවක්, ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි. උස්බෙකිස්තානය, ටර්ක්මෙනිස්තානය, ටජිකිස්තානය, රුසියාව, ඉරානය, කසක්ස්තානය සහ කිර්ගිස්තානය යන කලාපීය රටවල නියෝජිතයෝ සමුළුවට සහභාගී වූහ. ඇෆ්ගන් තලේබාන් රජය නියෝජනය කරමින් හෝ ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් හෝ කිසිවකු සහභාගී නොවන බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් අර්බුදය ගැන සමුළුවක් පාකිස්තානයේ