ඇමෙරිකාවේ බල්ලන් සහ බළලුන්ට 'කොවිඩ් 19 ඇල්ෆා' විකෘතිය ආසාදනය වී ඇතැයි එරට පශු වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
නිවෙස්වල ඇති කරන සුරතල් සතුන්ට, තම හාම්පුතුන්ගෙන් 'කොවිඩ් 19' වයිරසය බෝ වන බව තහවුරු වූයේ 'කොවිඩ් 19' ව්‍යාප්තියේ ආරම්භයත් සමඟය. ඊට අමතරව ලොව පුරා සත්වෝද්‍යාන රැසක සිංහයන්, ව්‍යාඝ්‍රයන්, ගෝරිල්ලන් ඇතුළු ක්ෂීරපායී සතුන් රැසක් ද 'කොවිඩ් 19' ආසාදිතයන් බවට පත් වූ බව වාර්තා විය.
කෙසේ නමුත් 'කොවිඩ් 19 ඇල්ෆා' විකෘතිය බල්ලන් සහ බළලුන්ගේ සිරුරුවලින් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් පසුවන 'වෙට්‍රනරි රෙකෝඩ්ස්' වෛද්‍ය ආයතනය පැහැදිලි කර ඇත. ඇමෙරිකාවේ සුරතල් සතුන් අතරේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය සිදුවන ආකාරය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන්නේ මෙම 'වෙට්‍රනරි රෙකෝඩ්ස්' වෛද්‍ය ආයතනයයි.
'ඇල්ෆා' විකෘතිය නිල වශයෙන් හඳින්වෙන්නේ බී.1.1.7 යනුවෙනි. මෙය පළමුවෙන් හමුවූයේ එංගලන්තයේ කෙන්ට් පළාතෙනි. එහෙයින් මෙම විකෘතිය 'කෙන්ට් විකෘතිය' ලෙසත් 'එංගලන්ත විකෘතිය' ලෙසත් මුලින් නම් කෙරුණි.
ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවන ඉතාමත් බිහිසුණු 'කොවිඩ් 19' ප්‍රභේදයක් ලෙස මෙම 'ඇල්ෆා' ප්‍රභේදය පිළිගැණුන ද අද වනවිට 'ඇල්ෆා' බිහිසුණු ප්‍රභේදයක් ලෙස පිළිගැනෙන්නේ නැත. ඊට හේතුව 'ඇල්ෆා' විකෘතියට වඩා බිහිසුණු 'ඩෙල්ටා', 'ඩෙල්ටා ප්ලස්' ආදී විකෘති නිර්මාණය වී ඇති බැවිනි.
(ඒ.ඒෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
’ඇල්ෆා’ විකෘතිය බල්ලන් බළලුන්ගෙන් හමුවෙයි