
ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ජනපදයේ යෙමාසී නගරයේ පර්යේෂණාගාරයක පර්යේෂණ සඳහා යොදාගත්, රීසස් වර්ගයේ වඳුරන් 43 දෙනකු පලා ගොස් ඇතැයි වාර්තා වේ.
වඳුරන් පලා ගොස් ඇත්තේ ඇල්ෆා ජනසිස් නමැති පර්යේෂණ ආයතනයේ පර්යේෂණාගාරයෙන් යැයි ද පැවැසෙයි.
වඳුරන් පලා යෑම සම්බන්ධයෙන්, යෙමාසී නගර වැසියන්ට අනතුරු අඟවා ඇත. නිවෙස්වල දොර ජනෙල් වසා දමන ලෙස උපදෙස් දී ඇත.
ජනපද පොලිස් නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් ඇතුළු වන ජීවී නිලධාරීන් වඳුරන් අල්ලා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. පලා ගිය සියලුම වඳුරන් ගැහැනු සතුන් බව ද පැවැසෙයි.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd