
අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ දි සැහැල්ලු ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. විෙදස් මාධ්‍ය අනුව, අනතුරින් යානාවල ගුවන් නියමුවෝ දෙදෙනා ජීවිතක්ෂයට පත්වූහ.
රෙනෝ නගරයේ පැවති ගුවන් තරගයක් අතරතුරේ මෙම අනතුර සිදුවුණු බව ද පැවැසෙයි. යානා අනතුරට පත්වූයේ ඒවා ගොඩබෑමට යද්දීය.
අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ පළාත් පාලන ආයතනය එක්ව පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd