
නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස ඇමෙරිකන් ආරක්ෂක අංශ භාරයේ සිටි ඉන්දීය ජාතිකයන් 104 දෙනකු හමුදා ගුවන් යානයකින් යළි ඉන්දියාවට එවීමට, ඇමෙරිකා රජය කටයුතු කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ තීරණය යටතේ ඉන්දියාවට පැමිණි ඉන්දීය ජාතික නීතිනිරෝධී සංක්‍රමණිකයන්ගේ පළමු කණ්ඩායම මොවුන් බවය.
ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් ‘සී 17’ හමුදා ගුවන් යානයකින් ඉන්දියාවේ ශ්‍රී ගුරු රාම් දාස්ජී ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රැගෙන ආ බව ඉන්දීය මාධ්‍ය ද සනාථ කර ඇත.
එම 104 දෙනාගෙන් 25 දෙනකු කාන්තාවන් බවත්, 12 දෙනකු කුඩා දරුවන් බවත් පැවැසෙයි. දරුවන් 12 දෙනා අතරේ අවුරුදු 4 ක දරුවෙක් ද සිටී. මොවුන් පන්ජාබ්, හර්යානා, ගුජරාට්, උත්තර ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ චන්දිගාර් යන ප්‍රාන්තවල වැසියන්ය.
ගුවන් හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනාට අමතරව, පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට ඇමෙරිකන් රජයේ නිලධාරීන් 45 දෙනකු ද ඉන්දියාව බලා පැමිණි බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
ඉන්දීය ජාතික අපේක්ෂිකාව ජයග්‍රහණය කරවන්න දමිළ ඩයස්පෝරාව දුන් සහයෝගය අතිවිශාලයි. මෙහේ සිවාජිලිංගමයා කෝවිල් ගානේ පූජාවන් තිබ්බ නේද? කොහොමද එයත් දිනලා මාලිමාවත් දිනලා තියෙනකොට. උතුර තියා නැගෙනහිරවත් අපට බේරාගන්න බැරිවෙනවා. අපේ වාසනාවද?