
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සීක් ජාතිකයකු ඝාතනය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය උත්සාහ ගත් කළේ යැයි ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා නගයි.
එල්ල වන චෝදනා ඉන්දීය රජය තරයේ ප්‍රතික්ෂේප කර ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට එකඟත්වය පළ කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය රජයට චෝදනා එල්ල වී ඇත්තේ, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, ඇමෙරිකන් පුරවැසියකු ද වන සීක් ජාතික තරුණයකු ඝාතනය කිරීම උත්සාහ ගත් බවටය.
මෙම තරුණයා සීක් බෙදුම්වාදී කණ්ඩායමකට අයත් සාමාජිකයෙකි. ඉන්දියාවට අනුව, ඔහු කලිස්තානී සීක් බෙදුම්වාදී ත්‍රස්තවාදියෙකි.
එම තරුණයා ඝාතනය කිරීමට තැත් කළ බව පැවැසෙන්නේ නිකිල් ගුප්තා නමැත්තාය. මොහු ඉන්දීය රජයේ ඒජන්තවරයකු යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසයි.
ඝාතන තැත ව්‍යර්ථ වී ඇත්තේ ඇමෙරිකන් ආරක්ෂක අංශ මැදිහත් වීමෙනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.