IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මර් අතරේ එම  ගිවිසුම සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැණුනේ දුරකතන කතාබහක් ඔස්සේය.

ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලන කණ්ඩායම ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට සාකච්ඡා සඳහා එක් වුණු අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පරිපාලන කණ්ඩායම සාකච්ඡා සඳහා එක්වූයේ මධ්‍යම එංගලන්තයේ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් පළාතේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ද පිරිවරා​ගෙනය.

නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම කෙරෙහි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මර්ගේත් අවධානය යොමු වූයේ ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට පනවා ඇති තීරු බදු මුල්කොට ගනිමිනි.

නව වෙළෙඳ ගිවිසුම, දෙරටටම වාසිදායක අයුරින් සකස් කර ගෙන ඇතැයි පැවැසෙයි. ජනාධිපති ට්‍රම්ප්, බ්‍රිතාන්‍යයට පමණක් නොව, ලොව රටටවල් රැසකට බදු පැවැරීම් කර ඇත. ට්‍රම්ප්ගේ අරමුණ වී ඇත්තේ බදු පැනවීම් හරහා ඒ ඒ රටවලට පීඩනයක් එල්ල කර පසුව ඇමෙරිකාවට වාසියක් වන ආකාරයට වෙළෙඳ ගිවිසුම් සඳහා එකඟතාවකට පත් කර ගැනීමය.

නව එකඟතාවට අනුව, ආරම්භයේ සිට ඇමෙරිකාව බ්‍රිතාන්‍යයට පනවා ඇති සියයට 10 ක තීරු බදු පැනවීම නොවෙනස්ව පවතින බව පැවැසෙයි. කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් අලුතින් මහා බ්‍රිතාන්‍යයට පැනවූ සියලු අධික තීරු බදු ඉවත් කර ගැනීමට ට්‍රම්ප් පියවර ගෙන ඇත.

වෙළෙඳ ගිවිසුමට අත්සන් කිරීමෙන් පසු, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ සිට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද, මධ්‍යම එංගලන්තයේ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් පළාතේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නව වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කළහ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site