ඇමෙරිකන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නැරැඹූ උතුරු කොරියානු ගැටවරයන් දෙදෙනකුට මරණ දඩුවම ලබා දීමට උතුරු කොරියානු රජය පියවර ගෙන ඇත.
හොලිවුඩ් චිත්‍රපට මෙන්ම, අසල්වැසි දකුණු කොරියානු ටෙලි කතා සහ චිත්‍රපට ද උතුරු කොරියාවේ තහනම්ය. මරණ හිමිවී ඇත්තේ අවුරුදු 16 ත් 17 ත් වයසේ ගැටවරයන් දෙදෙනකුටය.
මොවුන් දෙදෙනා උතුරු කොරියාවේ රයැන්ජියැන් පළාතේ නගරයක පාසල් සිසුන් වන අතර, ඔවුන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නරඹා ඇත්තේ පාසලේ දී යැයි ද පැවැසෙයි.
මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇත්තේ හමුදාවේ මැදිහත් වීමෙනි. ගැටවරයන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන් ඉදිරියේ ඔවුන්ට වෙඩි තැබීම සිදු කෙරුණි.
විදෙස් මාධ්‍ය මේ පිළිබඳ පුවත් ඊයේ (6) පළ කළත් මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් මෙන්න මේ වගේ නිදහස අහිමි කරන්න තමයි සුලු පිරිසක් නිතරම දඟලන්නේ. මේවගේ පාලකයන්ට එරෙහි නොවෙන්න ලෝක සංවිධාන මොකටද?