IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකාවේ කොරෝනා සාධක බළකා සාමාජිකයින් තිදෙනකුත් නිරෝධායනයට

නව කොරෝනා වයිරසයටඑරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ස්ථාපිත කළ ඇමෙරිකා එක්සත් ජනපද කොවිඩ්-19’ කාර්ය සාධක බලකායේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් තිදෙනකු ස්වයං නිරෝධායනයට යොමු වී ඇත.
 
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකුට නිරාවරණය වීමත් සමඟ ඔවුහු එලෙස ස්වයං නිරෝධායනයට යොමු වී සිටිති.

මේ අනුව ස්වයං නිරෝධායනයට යොමු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ’ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි, රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් සහ ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනයේ කොමසාරිස් වෛද්‍ය ස්ටීවන් හාන් යන අයය.
 
ඔවුන් සිය නිවෙස්වල සිට ස්වයං-නිරෝධායනයට යොමු වී ඇති බවත් නිවෙස්වල සිට සිය රාජකාරී කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

වෛද්‍ය ඇන්තනි ෆවුචි ‘කොවිඩ්-19’ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත් ඔහුට වයිරසය ආසාදනය වී නැති බවත් ‘ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනය’ සඳහන් කළේය. කෙසේ නමුත් දිනපතා ඔහු ‘කොවිඩ්-19’ පරීක්ෂාවට යොමු කරන බව ද එම ආයතනය සඳහන් කළේය.

අවශ්‍ය වුවහොත් වෛද්‍ය ඇන්තනි ෆවුචි ධවල මන්දිරයට යනු ඇති බවත් එහිදි අදාළ සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමෙරිකාවේ ‘ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනය’ සඳහන් කළේය.
 
වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ්ට ද වයිරසය ආසාදනය වීමේ අඩු ඉඩක් පවතින බවත් ඔහු ඉදිරි සති දෙක නිවසේ සිට සිය රාජකාරී කරනු ඇති බවත් ‘රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඔවුන් තිදෙනාම ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් කමිටුවක ඉදිරියේ අනිද්දා (12) අදහස් දැක්වීමට නියමිතව තිබිණි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන් තිදෙනාම විඩියෝ තාක්ෂණය ඔස්සේ සෙනට් කමිටුව ඉදිරියේ අදහස් දැක්වීමට නියමිතය.
ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කේටි මිලර්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගිය සිකුරාදා (8) පස්වරුවේ තහවුරු විය. ඔහුගේ ස්වාමිපුරුෂයා වන ස්ටීවන් මිලර් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළ පෙළේ උපදේශකයෙකි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක අංශයේ සේවය කරන අයකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය බ්‍රහස්පතින්දා (7) වාර්තා කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දියණියක වන ඉවන්කා ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය සිකුරාදා වාර්තා කළේය. 
 
ඉවන්කා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ උපදේශිකාවක ද වන අතර ඇය මාස දෙකක් මුළුල්ලේ විඩියෝ තාක්ෂණය ඔස්සේ සිය රාජකාරිවල නිරත වන බැවින් ඇයට අවදානමක් නැතැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.

ධවල මන්දිරයේ සේවකයකුට කොරෝනා වයිරසය ආසාදන වී ඇති බව මුලින්ම අනාවරණය වූයේ ඉකුත් මාර්තු මාසයේදී ය.

කෙසේ නමුත් දින කිහිපයක් ඇතුළත ආසාදිතයන් කිහිපදෙනකු වාර්තා වීමත් සමඟ ධවල මන්දිරයට පැමිණෙන අයගේ සෞඛ්‍යාරක්ෂවා සම්බන්ධයෙන් අවදානමක් මතුව ඇත.

වෛද්‍ය ඇන්තනි ෆවුචි,වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් සහ වෛද්‍ය ස්ටීවන් හාන් යන ‘කොවිඩ්-19’ කාර්ය සාධක බලකායේ ප්‍රමුඛ සාමාජිකයන් ස්වයං-නිරෝධායනයට යොමු වූව ද අන් අය එසේ නොකරන්නේ ඇයිදැයි ඇමෙරිකානු මාධ්‍ය විමසා තිබිණි.

ධවල මන්දිරියේ බොහෝ දෙනා සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නේ නැතැයි ද මුඛ ආවරණ පළඳින්නේ නැතැයි ද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මුඛ ආවරණ පැළැඳීම ප්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී ඊයේ (9) එරට ආරක්ෂක ප්‍රධානීන් හමු වූ අතර එහි පැමිණි කිසිවකුත් මුඛ ආවරණ පැළැඳ සිටියේ නැත. කෙසේ නමුත් ඔවුන් තරමක් ඈතින් වාඩි වී සිටි බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
ධවල මන්දිරයෙන් දින කිහිපයක් ඇතුළත ආසාදිතයන් තිදෙනකු වාර්තා වීමත් සමඟ ධවල මන්දිර කාර්යමණ්ඩලය දිනපතා ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු විය යුතු යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා නියෝග කර ඇත.
 
ආසාදිතයන් හමු වීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් ද ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කළ අතර ඔවුන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව එහිදි තහවුරු විය.
 
ද ගාඩියන් ඇසුරිනි
ඡායාරූප – රොයිටර්ස්

055

 



අදහස් (1)

ඇමෙරිකාවේ කොරෝනා සාධක බළකා සාමාජිකයින් තිදෙනකුත් නිරෝධායනයට

anura Sunday, 10 May 2020 11:44 AM

ලෝකයේ දියුණුම රට දැන් ලෝකේ නොදියුණුම රට බවට පත්වෙලා....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site