
යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාවත් රුසියාවත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය මේ වනවිට උත්සන්න වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
යුක්රේනය අස්ථාවර කිරීමට රුසියාව උත්සාහ ගන්නා බවට ඇමෙරිකාව චෝදනා නගයි. රුසියාව එසේ කරන්නේ නම් දරුණු ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවුනු ඇති බව ද ඇමෙරිකාව අනතුරු අඟවා ඇත.
ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ රුසියාවට මෙසේ අනතුරු ඇඟවූයේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ලැට්වියාවේ දී, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව රුසියාව සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.
''රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කර තිබෙනවා ද නැද්ද අප තවම දන්නේ නැහැ. ඔහු එසේ කළොත්, ඊට එරෙහිව අප ක්‍රියාත්මක වෙනවා. රුසියාව සමඟ යුද්ධයකට යෑමට පවා අප පසුබට වෙන්නේ නැහැ'' යැයි ඇන්තනි බ්ලින්කන් අවධාරණය කළේය.
ඇමෙරිකාව ද උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සාමාජික රටකි. කැනඩාව ඇතුළු යුරෝපා රටවල් නේටෝ සංවිධානයට අයත් සෙසු රටවල්ය. නේටෝ සංවිධානය පිහිටුවීමේ අරමුණ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණදීමය.
සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ, යුක්රේනය රුසියාවට අයත් කොටසක් විය. ජනාධිපති පුටින්ගේ උපදෙස් අනුව රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා යැයි ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු ඇඟවූයේ මීට දින කීපයකට පෙරය. මේ වනවිටත් යුක්රේන රුසියා දේශසීමාවේ රුසියන් සොල්දාදුවන් දහස් ගණනක් සීරුවෙන් සිටින බව ද පැවැසෙයි.
ඊට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේන හමුදා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඕනෑම ප්‍රහාරයක් මැඩපැවැත්වීමට තමන් සූදානම් අතර ඊට හැකියාව පවතින බවය. දේශසීමා ආසන්නේ රැඳී සිටින රුසියානු භටයන් ජනවාරි අග හෝ පෙබරවාරි මුල වනවිට ප්‍රහරදීම් සිදු කරනු ඇති බව ඇමෙරිකන් බුද්ධි අංශ වැඩි දුරටත් පවසා ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්