IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇමෙරිකාවට ගැති නොවන රජයක් පාකිස්තානයට ඕනෑ

ඇමෙරිකාවට ගැති නොවන ශක්තිමත් රජයක් පාකිස්තානයට අවශ්‍ය යැයි පාකිස්තානයේ හිටපු කි‍්‍රකට් නායකයකු මෙන්ම ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායකයා ද වන ඉම්රාන් ඛාන් පෙරේදා (25) කරච්චි නුවරදී ජන රැුලියක් අමතමින් කියා සිටියේය. එම ජන රැුලියට ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. පාකිස්තානයේ පාලක පක්ෂය වන ‘පාකිස්තාන ජනතා පක්ෂයේ’ දුර්වලතා රැුසක් විවේචනය කළ ඉම්රාන් ඛාන් රැුස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ රටේෂණ වංචා සියල්ල සෝදා දැමීමට සුනාමියක් අවශ්‍ය බවය. ඊට අමතරව පාකිස්තාන රජය, ඇමෙරිකාවේ වාලකු නොවිය යුතු බවත් ඇමෙරිකාවට ගැතිකම් නොකළ යුතු බවත් ඉම්රාන් ඛාන් පැවැසීය. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ප‍්‍රමුඛ රජය, ඇමෙරිකාවේ පදේට නටනවා යැයි ඉම්රාන් ඛාන් චෝදනා කළේය. ඇමෙරිකාව සමඟ මිතුදමක් පැවැතිය යුතු නම් එය වාල්කමක් නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. ඇමෙරිකාවට ගැතිකම් කරන පාකිස්තාන ජනපති සර්දාරි ධුරයෙන් ඉත් විය යුතු යැයි ඉම්රාන් ඛාන් පැවැසූ අවස්ථාවේදී රැුස්ව සිටි පිරිස පී‍්‍රති ඝෝෂා නැගූහ. ඔවුන් එක හඬින් කියා සිටියේ ‘පාකිස්තානයේ ගැලවුම්කරු ඉම්රාන් ඛාන් කියාය. පාකිස්තානයේ අසහාය කි‍්‍රකට් විරුවකු වන ඉම්රාන් ඛාන් (58) දේශපාලනයට පිවිස වසර 15 ක් ගත වී ඇත. ඔහු විසින් පිහිටුවනු ලැබූ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඇමෙරිකාව එල්ල කරන ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන් වීදි බැස විරෝධතා රැුළි පත්වා ඇත. දුර්වල පාලනය හේතුවෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට ධුරයෙන් ඉවත් වන්නැයි පාකිස්තාන හමුදාවෙන් ද බලපෑම් එල්ල වෙමින් පවතී.    රැුලියට සහභාගිවූ පිරිස



අදහස් (0)

ඇමෙරිකාවට ගැති නොවන රජයක් පාකිස්තානයට ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 18 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site