IMG-LOGO

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 20 හැවිරිදි සිසුවෙකි.

ෆීනික්ස් අයිකර් නමැති මෙම සිසුවා, පොලිස් නිලධාරියකුගේ පුතකු බව පැවැසෙයි. ඔහු වෙඩි තැබීම කර ඇත්තේ, එම පොලිස් නිලධාරියාට අයත් රාජකාරි ගිනි අවියකිනි.

ෆීනික්ස් අයිකර් විශ්ව විද්‍යාලයට කඩා වැදී ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමට පටන් ගනිද්දී, විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ නිලධාරීහු පොලිසියට ඒ බව දැනුම් දුන්හ. වෙඩි තැබීම ආරම්භ වූයේ දහවල් කාලයේ විශ්ව විද්‍යාල සිසුන් අවන්හලේ ආහාර ගනිමින් සිටියදීය.

පොලිස් නිලධාරීන් පැමිණ වෙඩි තබා ෆීනික්ස් අයිකර් මෙල්ල කර ගත් බව පසුව වාර්තා විය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවන බව වාර්තා වේ.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ෆීනික්ස් අයිකර් කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්

පිටිගල මිලානෝ Friday, 18 April 2025 01:51 PM

ශිෂ්‍යයන් සමූහ ඝාතනයට ලක්වන එකම රට ඇමරිකාවයි. මෙය අවුරුදු පතා සිදුවේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 24 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site