
ඇමෙරිකානු තලේබාන් සාම නියෝජිතයා ලෙස කටයුතු කළ සැල්මේ කලිල්සාද් සිය තනතුරින් ඉල්ලා අස්විය. තමන් තම තනතුරින් ඉල්ලා අස්වන්නේ, දැඩි සිත් තැවුලෙන් සහ කලකිරීමෙන් යැයි සැල්මේ කලිල්සාද් පවසා තිබේ.
තමන් අපේක්ෂා කළ අන්දමින්, සාමකාමී තිරසාර දේශපාලනික විසඳුමකට යෑමට හෝ තලේබාන් සංවිධානය සමඟ සාමකාමී වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට හෝ නොහැකි වුණු බවත්, ඒ නිසා ඇෆ්ගන් සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත් වූ බවත් ඒ ගැන තමන් දැඩි ලෙස කනගාටු වන බවත් සැල්මේ කලිල්සාද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
කලිල්සාද් මෙසේ සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේ ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානනයෙන් ඉවත්වී, තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන මාස දෙකක් ගත වෙද්දීය. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානනයෙන් ඉවත් වූයේ පසුගිය අගෝස්තු මාසය අවසානයේදීය.
කලිල්සාද් සිය තනතුරින් ඉවත් වෙද්දී, කලිල්සාද්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ තෝමස් වෙස්ට් තලේබාන් සාම නියෝජිතයා ලෙස කටයුතු කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.
කලිල්සාද්, තලේබාන් සාම නියෝජිතවරයා ලෙස පත් කළේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය හොබවද්දීය. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමට සුදුස්සා කලිල්සාද් ඔහු එම තනතුරට පත් කරමින් ට්‍රම්ප් එදා පෙන්වා දුන්නේය.
බයිඩන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව, ඉදිරියට ගෙන ගියේ අගෝස්තු මාසයේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමත් සිදු කළේ ට්‍රම්ප් පරිපාලනය ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් තලේබාන් සාම නියෝජිතයා ඉල්ලා අස්වෙයි