
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන ‘ආසියාන්’ හෙවත් අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුව අතරතුරේ ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතරේ ද සාකච්චා පැවැත්විණි.
ට්‍රම්ප් පවසා ඇත්තේ එම සාකච්ඡා ඵලදායී වූ බවය. ට්‍රම්ප්, සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතරේ අර්බුදයක් පවතී. ට්‍රම්ප්, බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු පැනවීමක් පවා කර ඇත. ට්‍රම්ප් ලූලා ද සිල්වා ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පැවැසෙයි.
එම සාකච්ඡා ඵලදායී වූ බැවින්, තීරු බදු සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමටත්, ඇමෙරිකාව සහ බ්‍රසීලය අතරේ ශක්තිමත් මිත්‍රත්වයක් නිර්මාණය වනු ඇති බවටත් විශ්වාස කෙරේ.
ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත්වීමට පෙර, ඒම ධුරයේ කටයුතු කළේ යාර් බොල්සරානෝය. මොහු දැඩි ට්‍රම්ප් හිතවාදියෙකි. බොල්සරානෝ ජනාධිපති බලතල අවභාවිත කළේ යැයි චෝදනා ලැබ සිටින අතර, ඔහුට එරහෙව නඩු විභාගයක් ද පැවැත්වෙයි. ට්‍රම්ප්, බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු පැනවීමක් කළේ යාර් බොල්සරානෝට එරෙහිව පැවැත්වෙන එම නඩු වභාගය සම්බන්ධයෙනි.
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් බ්‍රසීල ජනපති ලූලා හමුවෙයි