බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන අභාවප්‍රාප්ත පිලිප් කුමරුන්ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (17) සිදුවනු ඇති බවත්, රජ පවුලේ සාමාජිකයටන් අතලොස්සක් පමණක් ඊට සහභාගී වනු ඇති බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එඩින්බර්ග් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන, 99 හැවිරිදි, පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූයේ පසුගිය 9 වැනිදාය.
පිලිප් කුමරු සහ දෙවැනි එලිසබත් රැජින විවාහ වී වසර 73 කි. පෙරේදා (10) දිනයේ පිලිප් කුමරුන්ට ගෞරව දක්වමින් මහා බි්‍රතාන්‍යය පුරා ආචාර වෙඩි මුර පැවැත්විණි.
පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 17 වැනිදා සෙනසුරාදා පැවැත්වෙන බවත් ඊට මහජනතාව සම්බන්ධ කරගැනීමක් හෝ කිසිදු මහජන පෙළපාලියක් හෝ නොපැවැත්වෙන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැඳුරේ දී බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 3ට දේහය පිළිබඳ අවසන් කටයුතු ආරම්භ වීමට නියමිතය.
අවමංගල්‍ය උත්සවය පැවැත්විය ආකාරයට අදාළ සැලසුමට මහ රැජිනගේ අනුමැතිය හිමි වී ඇත. මිනිත්තුවක නිහඬ කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එයින් අනතුරුව දේහය සම්බන්ධ අවසන් කටයුතුවලට අදාළ ආගමික කටයුතු ආරම්භ වේ.
ජාතික කොවිඩ්-19 මාර්ගෝපදේශවලට අනුව අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන බව ද මාලිගය නිවේදනය කරයි.
අවමංගල්‍ය උත්සවය සජිවීව විකාශය කිරීමට ද නියමිත ය.
අප්‍රේල් 17 වැනිදා දක්වා ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බවත් රාජකීය පවුල සති දෙකක ශෝක කාලයක් පිළිපදිනු ඇත.
ලන්ඩන් නුවරදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 30
112
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අවසන් කටයුතු ලබන සෙනසුරාදා