IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අවුරුදු 116 කට පසු වැඩිම හිම පතනය

වසර 116කට පසු චීනයේ සිදුවූ  වැඩිම හිමපතනය මේ දිනවල  වාර්තා වන බව චීන මාධ්‍ය වාර්තා කර  සිටී.

නැගෙනහිර චීනයේ ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෘණ 14ක් තරම් පහත වැටී ඇති අතර, අධිවේගී මාර්ග සියල්ල හිමෙන් වැසී ගොස් තිබේ. බොහෝ නගරවල බස්රථ සහ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.

මේ අවදානම් තත්ත්වය ජනතාවට අවබෝධ කර දීමට මොංගෝලියාවේ සහ නැගෙනහිර චීනයේ හිමපතනය සම්බන්ධව රතු නිවේදන 27ක් දැනටමත් නිකුත් කර ඇති අතර, එය හිමපතනයක් සම්බන්ධව එරට නිකුත් කළ වැඩිම රතු නිවේදන ප්‍රමාණය ලෙසත් වාර්තා වේ.

නැගෙනහිර චීනයට ඇද හැලුණු මේ හිමපතනයෙන් එම පළාතේ අගනුවර ලෙස සැලකෙන ෂෙන්යැං නුවර සම්පූර්ණයෙන්ම වැසී ගිය බවත්, එය අඟල් විස්සක් තරම් ඝනකමකින් යුතු බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර මෙවැනි දරුණු හිමපතනයක් සිදු වී ඇත්තේ 1905 වසරේදී ෂිංහුවා ප්‍රාන්තයේ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දරුණු හිමපතනය හේතුවෙන් චීනයට ආසන්න මොංගෝලියාවේ පුද්ගල මරණයක් ද වාර්තා වී තිබේ. තවත් 5,600කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ද වාර්තා වේ.

(ෂින්හුවා)



අදහස් (0)

අවුරුදු 116 කට පසු වැඩිම හිම පතනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site