අප්‍රිකා රටවල වැසියන්ට, සති 6 ක් ඇතුළත, 'ඇස්ටාසෙනකා' එන්නතේ දෙවැනි මාත්‍රා මිලියන 20 ක් අවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
අප්‍රිකාවේ දිළිඳු රටවල් බොහොමයකට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලැබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහා නොමිලේය.
එම රටවල් ලැබුණු එන්නත් මාත්‍රා සියල්ල පළමු මාත්‍රාව ලෙස ලබා දීම කළේ, දෙවැනි මාත්‍රාවට එන්නත් ලැබෙනු ඇතැයි විශ්වාසයෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකා රටවලට ලබා දුන්නේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතය. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' ඉන්දියාවේ නිපදවන්නේ මෙම 'කොවිෂීල්ඩ්' නාමය යටතේය.
ඉන්දියාව මේ වනවිට එරට නිපදවන එන්නත් අපනයනය නවතා ඇත්තේ ඉන්දියානුවන්ට ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බැවිනි.
දෙවැනි මාත්‍රාව සඳහා 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් ගැටලුවක් වී ඇත්තේ මේ නිසාය.
මේ වනවිට රුධිර කැටි ගැසීම හේතුවෙන් යුරෝපා රටවල් පමණක් නොව ඇමෙරිකාව ද එම රටවල නිපදවන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් එම රටවල ජනතාවට ලබා දෙන්නේ නැත.
එසේ ඉතිරි වී ඇති එන්නත් එන්නත් පරිත්‍යාග වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබීමට නියමිත බවත්, ඒවා කඩිනමින් අප්‍රිකා රටවලට බෙදා දීමට කටයුතු කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා කලාපය බාරව කටයුතු කරන වෛද්‍ය මට්ෂිඩිසෝ මොයේටි මාධ්‍ය හමුවේ පවසා ඇත.
ජොහැන්නස්බර්ග්හිදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අප්‍රිකාවට ඇස්ට්‍රාසෙනකා දෙවැනි මාත්‍රා මිලියන 20 ක් ඕනෑ