IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අගමැති මෝදි ජාතිය අමතයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමැතීය. ඒ, ඉන්දියාව එරට ජනගහනයෙන් බිලියනයකට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමත් සමඟය.

රටේ ජනගහනයෙන් බිලියනයකට එන්නත් ලබා දුන් ලොව දෙවැනි රාජ්‍යය ලෙස ඉන්දියාව සැලකෙයි. පළමුවෙන් බිලියනයකට එන්නත් දුන් රට වන්නේ චීනයයි.

ජාතිය ඇමැතූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි, එන්නත්කරණ කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට ස්තුති කළේය. එන්නත් ලබා ගැනීමේ ඇති වැදගත්කම යළි සිහිපත් කළේය.

ඊට අමතරව, එන්නත් ලබා ගැනිමෙන් පසුවද යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වා ගැනීම සම්බන්ධයෙන් ද ජනතාවට උපදෙස් ලබා දුන්නේය.

ඉන්දියාවට එරට ජනගහනයෙන් බිලියනකට එන්නත් ලබා දීමට ගතවුණු කාලය මාස 9 කට වැඩිය. කෙසේ නමුත් දෙවැනි බිලියනයේ සිමාව පසු කිරීම මාස 3 ක් හෝ 4 ක් ඇතුළත සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව එන්නත්කරණ ජාතික වැඩසටහනේ ප්‍රධානී වෛද්‍ය එන්.කේ. අරෝරා මාධ්‍ය හමුවේ පවසා තිබේ.

එන්නත් බිලියනයේ සිමාව පසු කරද්දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේ ආර්.එම්.එල්. රෝහලට ගොස් එම කටයුතු අධීක්ෂණය කළේය. එන්නත ලබා ගැනීමට කෝටි 130 ක ඉන්දීය වැසියන් උනන්දුවක් දැක්වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය මෝදි සිය සතුට පළ කළේය.

අද ඉන්දියාවේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ සැලකිය ලෙස අඩුවී තිබේ. පසුගිය 15 වැනිදා සිට ඉන්දියාව විදෙස් සංචාරකයන්ට රට විවෘත විය. රට විදෙස් සංචාරකටන්ට විවෘත වීම සිදුවන්නේ ක්‍රමාණුකූලවය.

එන්නත් නියමිත පරිදි ලබාගත් විදෙස් සංචාරකයන්ට පැය 72 කට පෙර සිදු කරන 'කොවිඩ් 19' පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉන්දියාවට ඇතුළුවීමට අවසර හිමිවෙයි. ලබන නොවැම්බර් 15 වනවිට තව තවත් විදෙස් සංචාරකයන්ට අවසර දීමට ඉන්දීය රජය බලාපොරොත්තු වෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

අගමැති මෝදි ජාතිය අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site