චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්වුණු විපක්ෂ නායක පෙත්‍ර ෆියාලා ජනාධිපති මන්දිරයේ දී චෙක් ජනාධිපති මයිලෝස් සෙමාන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. චෙක් ජනාධිපතිවරයා 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වී ඇති අතර, දිවුරුම් දීම සිදුවූයේ වීදුරු පෙට්ටියකින් වෙන් කළ ජනාධිපතිවරයා ඉදිරියේ වීම විශේෂත්වයකි.
පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමි කර ගැනීමට පෙත්‍ර ෆියාලා සහ ඔහුට සහාය පළ කරන පක්ෂ සමත් විය. ඒ අනුව, ජනාධිපති මයිලෝස් සෙමාන් රජයක් පිහිටුවන්නැයි ෆියාලා ට ඇරැයුම් කළේය.
77 හැවිරිදි ජනාධිපති මයිලෝස් සෙමාන් 'කොවිඩ් 19' ආසාදිතයකු බව හඳුනා ගැණුනේ පසුගිය සතියේය. අධික ලෙස මත්පැන්වලට සහ දුම්පානයට ඇබ්බැහි වූවකු ලෙස සෙමාන් ප්‍රකටය. එමෙන්ම ඔහු දියවැඩියා රෝගියකු ද වෙයි. වෛද්‍ය උපදෙස් අනුව, 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වුණු සැණින්, මයිලෝස් සෙමාන් රෝහල් ගත කෙරුණි.
මයිලෝස් සෙමාන් පසුගිය දා වෛද්‍ය උපදෙස් අනුව, සෞඛ්‍ය නීතිරීති පිළිපඳිමින්, ආරක්ෂිත ඇදුමින් සැරැසී, වෛද්‍ය කණ්ඩායමක් ද සමඟ රෝද පුටුවෙන් ජනාධිපති මන්දිරයට පැමිණියේ දිවුරුම් දීමේ කටයුතු සඳහාය. විශේෂ වීදුරු කුටියක් ජනාධිපතිවරයා වෙනුවෙන් සකස් කර තිබුණි. ඔහු ඒ තුළ සිටි අතර, පෙත්‍ර ෆියාලා මීටර් කීපයක දුරින් සිට දිවුරුම් දී අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තේය.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අගමැති දිවුරුම් දෙයි: ජනපති වීදුරු කුටියේ
Hafeel Monday, 29 November 2021 11:14 AM
එහේත් 70 පැනපු ජනාධිපතිලා ඉන්නවනේ...