IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශිශිරය එළැඹ ඇත

විදෙස් කවිය - 7

 

එළඹ ඇත ශිශිරය නියතවම

අතුරුදන්ය සුදුමල්

සදාහරිත පඳුරේ.

ගින්කෝ* තුරුපෙළ හැරී ඇත

ඉදල් බවට

 

එළඹ ඇත ශිශිරය

ඉතියුණු කාවැදීමක් ලෙස,

නොරිසිය සැමකෙකුට ශිශිරය,

තෘණෙන් හා තුරෙන් තොර වූ.

කෘමිසතුන් මඟ හැරී

ශිශිරය එළඹ ඇත.

ශිශිරය ,

එන්න මා වෙත, එන්න මා වෙත

ශිශිරයේ සවිය මා සතුය

ශිශිරය මගේ ගොදුරය.

සපුරාම පැතිරෙන්න, තුළටම කාවදින්න

ගිනි නිවා දමන්න , හිම සමඟ වැළලෙන්න

එළඹ ඇත ශිශිරය , මුවහත් පිහියක් ලෙස

 

*ගින්කෝ - 'gin kyo' (Silver Apricot) යන ජපාන වදන විකාශයේදී මේ නම සැදී ඇතැයි කියැවේ. Ginko Biloba යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන , මීටර් 20-35 පමණ උසට වැඩෙන ගසකි.

ජපන් කිවිවර කෝතාරෝ තකමුරා ( ‪1883-1956‬) ලියූ Winter has come පද්‍යයේ පරිවර්තනය
 

ප්‍රකට මූර්ති ශිල්පියකුගේ පුත්‍රයා වූ තකමුරා මුලදී ලියා ඇත්තේ ' තන්කා' වර්ගයේ කවි පමණි. එහෙත් මූර්ති ශිල්පය හැදෑරීම පිණිස 1906දී ඇමෙරිකාවට ගිය විට වෝල්ට් විට්මන්ගේ කවි කියවා නිදහස් කවි ලිවීම අරඹා ඇත. ජපානයට පෙරළා පැමිණි පසු ඔහු දැඩි මානවවාදියකු ලෙස පිළිගැනී ඇත. සිය බිරිය චීකෝ සත්වසක් උමතු තත්ත්වයෙන් සිට මිය ගිය පසු කවියා ඇය වෙනුවෙන් ලියූ පද්‍ය ග්‍රන්ථය ඔහුගේ වඩාත්ම ජනප්‍රිය කෘතිය විය. ඊට අමතරව හයක් පමණ වූ ඔහුගේ අනෙක් පද්‍ය කෘතින් හා ජීවිත කාලය පුරා කළ මූර්ති නිර්මාණ වෙනුවෙන්ද ඔහු ගෞරවයට පාත්‍ර විය.



අදහස් (0)

ශිශිරය එළැඹ ඇත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site