IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉතා මඳ කාලයකි

විදෙස් කවිය - 16

 

ඉතා මඳ කාලයකි ඇත්තේ 
ඔබට ලියන්නට
හැකිළ ඇත අනන්තය
මා බිරිය මා රැගෙන යයි දුරක

ඇයද විඩාබර පෙනුමැති ළඳකි
ලොව සැම අහු මුළු දකින්නට
ඉඩ නොදෙනු සේය ඇය මට තව දුර

එහෙත්,
හැර දමා යන්නැයි මා මෙහි
( සාමයෙන් ,නිහඬව ඔබට ලිවිය හැකි තැන)
මා කියන විට බිරියට
ප්‍රාණවත් වන්නීය ඇය

කියන්නී ඇය
සාමය නිහඬ නැති බවත්
මා කුසීතයකු බවත්

කියයි ඈ තව දුරටත්
ආදරවන්තයකු සොයා ගැනුමේ
අදහස මිස අන් කිසිවක්
ඇය  සිතේ නොමැති වගත්.

ඉතාලි කිවි රොබර්තෝ අමාතෝ ( Roberto Amato )  ලියූ   So Very Little  Time  පද්‍යයේ  පරිවර්තනය .

කවියකු හා විචාරකයකු වන  රොබර්තෝ, ඉතාලියේ  Viareggio නගරයේ ඉපිද එහිම වාසය කරන්නෙකි. වයස අවු: 50දී සිය පළමු කවිපොත පළ කරමින් පමා වී ලේඛනයට  පිවිසුණු නමුත් දැන් ඉතාලි කවියන් අතර ප්‍රමුඛයකු ලෙස සැලකේ. 

La Cucine Celesti කෘතියට 2003දීත්,   L' agenzia di  Viaggi කෘතියට 2006දීත්  ඇගයුම් ත්‍යාගවලින් පිදුම් ලබා ඇති රොබර්තෝ කවියා උපහාසයේ, උත්ප්‍රාසයේ  විශාරදයකු  ලෙස පිළිගැනේ.



අදහස් (0)

ඉතා මඳ කාලයකි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site