කාසල්රී - මා උස්සාකැලේ ජල මට්ටම ඉහළට මධ්‍යම කඳුකරයේ මෙම දිනවල පවතින දැඩි වර්ෂාවත් සමඟ කාසල්රි හා මා උස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමිනි පවති. 20 May 2018
ලක්ෂ 15 ක දුම්වැටි සමඟ ලාංකිකයෙක් අත්අඩංගුවට නිති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 15 පමණ වටිනා විදේශ දුම්වැටි කාටුන් 75 සමඟ ලාංකික ගුවන් මගියෙකු අද (20) උදෑසන අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය කියයි. 20 May 2018
අකුණුසැර වැදී දෙදෙනෙක් මරුට වැලිකන්ද මගුල්පොකුණ ප්‍රදේශයේ පිහිටි කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) සවස අකුණුසැර වැදීමකින් ජීවිතක්ෂයට පත් වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 19 May 2018
පුද්ගලයකු යටකරගෙන ගිය මෝටර්රථ රියදුරු අත්අඩංගුවට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට හන්දියේ දි අද (19) පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු යටකරගෙන පලාගිය කාර් රථයේ රියදුරු සමග කාර් රථය අද (19) පස්වරුවේදි ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 19 May 2018
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගම්වාසීන්ගේ විරෝධය නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් උද්ගතව ඇති, වත්මන් පාරිසරිකගැටලු සහ නිරිත දිග මෝසම් සුළං සමයේ දී ඇතිවිය හැකි පාරිසරික ගැටලු හේතුවෙන් බලාගාරය අවට ගම්මාන කිහිපයක ජනතාව සිය විරෝධය පළකර සිටියහ. 19 May 2018
හැරී කුමරු සසෙක්හි ආදිපාදවරයා වෙයි බ්‍රිතාන්‍යයේ II වන එළිසබෙත් රැජින විසින් හැරී කුමරු සසෙක්හි ආදිපාදවරයා ලෙසින් නම් කරනු ලැබීය. 19 May 2018
ගල්බෝර දැමූ පුද්ගලයකු ගල්පතුරක් වැදී මරුට කොස්ලන්ද අළුත්වෙල ප්‍රදේශයේ ඉඩමක ගල් කැඩීමට ගල්බෝර දැමූ පුද්ගලයකු ඊයේ (18) සවස ගල්පතුරක් වැදී බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි. 19 May 2018
නීති විරෝධීව ගෙනා දුම්වැටි තොගයක් අල්ලයි චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය . 19 May 2018
වෙඩි වැදීමකින් පොලිස් කොස්තාපල්වරයකු මරුට හොරොව්පොතාන වාගොල්ලාගොඩ පොලිස් මුර පොලේ සේවය කළ කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක භටයකු ඊයේ (18) රාත්‍රී වාගොල්ලාගොඩ ප්‍රදේශයේ කළ මුර සංචාරයක් අතරතුර සිවිල් ආරක්ෂක භටයා සතුව තිබූ ගිනි අවිය පත්තුවි සිදු වූ වෙඩි වැදීමෙන් ඔහු සමග සිටි පොලිස් කොස්තාපල්වරයා මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 19 May 2018
කෝටි 4ක රන් බිස්කට් කටුනායකින් අල්ලයි රුපියල් කෝටි 04කට ආසන්න වටිනා කමකින් යුතු රන් බිස්කට් නීති විරෝධීව මෙරටට රැගෙන එනු ලැබු ඉන්දීය ජාතිකයෙකු අද (19) උදැසන ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත . 19 May 2018
කියුබාවේ ගුවන් යානයක් කඩා වැටී 100ක් මරුට කියුබාවේ හවානා සිට ගමන් ආරම්භ කළ බොයිං 737 ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 19 May 2018
ටෙක්සාස් පාසලක වෙඩි තැබීමකින් 10ක් මරුට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන්ටා ෆේ උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් 10දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් වැඩි දෙනකු පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් බවත් පෙබරවාරි මාසයේ ෆ්ලොරීඩාහි පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් පසු ඇතිවූ භයානකම සිද්ධිය මෙය බවත් පැවසේ. 18 May 2018
සන්ධාන මන්ත්‍රිනියගේ ප්‍රකාශයෙන් ඇඹිලිපිටිය සභාව උණුසුම් යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී රජයේ හමුදාව එම ප්‍රදේශ වල ජනතාව සමූල ඝාතනය කළ බවට ඇඹිලිපිටිය නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීනි ලසන්ති ලක්මිණී මහත්මිය අද (18) පැවති නගර සභා රැස්වීමේ දී කළ ප්‍රකාශයකින් සභාව උණුසුම් වි ගියේය. 18 May 2018
රහස් පොලිසිය කතානායකගෙන් ප්‍රශ්න කරයි මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුට පහරදී තුවාල කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් කතානායක කරු ජයසූරිය මහතාගෙන් අද (18) රාත්‍රී ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 18 May 2018
යුද සමයේ මිය ගිය අය සැමරුම් ත්රිකුණාමලයේත් මුලතිව් - වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටනේදි මියගිය අයවලුන් සිහි කිරිමේ උත්සව කහිපයක් අද (18) පස්වරුවේ ත්‍රිකුණාමලයේ විවිධ ස්ථානවල පැවැත්විනි. 18 May 2018
කාන්තා - පිරිමි උප පොලිස් පරීක්ෂක 595 ට උසස්වීම් දීර්ඝ කාලයක් උසස්වීම් නොලැබ සිටි උප පොලිස් පරීක්ෂකවරුන් හා උප පොලිස් පරීක්ෂකවරියන් 595 දෙනෙකු පොලිස් පරීක්ෂක, කාන්තා පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 18 May 2018
මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක්ෂ 28.7ක්) ද වන බව එරට ‘ස්ට්‍රේට්ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය අද (17) වාර්තා කළේය. 18 May 2018
හමුදාවේ 50කට විශ්ෂිඨ සේවා විභූෂණ පදක්කම් ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව හෙට (19) පෙරවරුවේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 50 දෙනෙකුට විශ්ෂිඨ සේවා විභූෂණ පදක්කම් ජනාධිපතිවරයා අතින් පිරිනැමීමට නියමිතව තිබේ. 18 May 2018
වැව් ප්‍රතිසංස්කරණය ශක්තිමත් කළ යුතුයි - ජනපති වත්මන් දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා වැව් ප්‍රතිසංස්කරණය ක්‍රමවේදය වඩා ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 18 May 2018
විගණන පනත ගේන්න ප්‍රමුඛත්වය දෙන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රමුඛත්වය දෙනවාට වඩා ජාතික විගණන පනත ගෙන එන්නට ප්‍රමුඛත්වය දෙන්නැයි සියලු පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ. 18 May 2018
කතකගේ මෝල්ගස් පහරින් 73 හැවිරිදි කාන්තාවක් මරුට මෝල්සක් රැගෙන නිවසකට කඩා වැදුණු කාන්තාවක් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුට කල පහරදීමකින් අයෙකු මියගොස් අනෙක් අය බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාද්දුව පොලිසිය කියයි. 18 May 2018
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව රහස් පොලිසියෙන් නිර්මාණය කළ එකක් - විත්තියේ නීතිඥ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව නීතියට පටහැනියි මාගේ සේවාදායකයා වන දෙමටගොඩ චමින්දට එරෙහි නඩුව රහස් පොලිසිය නිර්මාණය කළ නඩුවක් අභියාචන පෙත්සම අද (18) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ 18 May 2018
යුද සමයේ අතුරුදන් වු 280 ක නම් ලැයිස්තුවක් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී අතුරුදන් වූවා යැයි කියන පුද්ගලයින් 280 ක ගේ නම් ලැයිස්තුවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අබවිය අද (18) වාර්තා කළේය. 18 May 2018
‘මියගිය අය සැමරීම අපිට නවත්වන්න බෑ’ - වජිර ’’මියගිය පුද්ගලයන් සැමරීම අපිට නවත්තන්න පුළුවන් දෙයක් නොවෙයි. යුද්ධයේදී මියගිය හමුදාවේ අය සමරනවා වගේම උතුරු හා නැගෙනහිර පළාත්වල අය යුද්ධයේ දී මියගිය තමන්ගේ ඥාතීන්, හිතවතුන් සහ අනෙක් පිරිස් සමරනවා. 18 May 2018
විගණන පනත විවාදය දෙවැනි වරටත් කල් යයි ජාතික විගණන පනත පිළිබඳ විවාදය දෙවැනි වතාවටත් කල් ගොස් ඇත. 18 May 2018
ආණ්ඩුවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් කිසියම් පිරිසක් ආණ්ඩුවේ වෙබ් අඩවි කිහිපයකට අනවසරයෙන් අතුළු වී දත්ත වෙනස් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 18 May 2018
කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඉඩම් ඔප්පුවක් නෑ කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටුවා වසර 36ක් ගත වී ඇතත් තවමත් ඒ ඉඩම සඳහා ඔප්පුවක් නැතැයි හෙළිවී ඇත. 18 May 2018
ගොවියකුගෙන් අල්ලස් ගත් හිටපු මහවැලි කළමනාකරු හිරේ ගොවියකුට ලිපියක් ලබාදීම සඳහා එම ගොවියාගෙන් රුපියල් 5,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මහවැලි අධිකාරියේ ගල්කිරියාගම හිටපු ඒකක කළමණාකරුවකුට වසර 10 ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුවට අදාළ සිද්ධිය හේතුවෙන් පැමිණිලිකාර ගොවියාට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමටද නියම කළේය. 18 May 2018
ආගමන -විගමන නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වර්ජනය අවසන් ආගමන - විගමන නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18 ) නවතා දැමීමට තීරණය කළ බව ආගමන - විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අනුර කණුගල මහතා පැවසීය. 18 May 2018
පාසල් 6000 ක දෙමළ භාෂා ගුරු හිඟයක් පාසැල් හයදහසකට දෙමළ භාෂා ගුරු හිඟයක් පවතින්නේ යැයි ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා පැවසීය. 18 May 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026