මීගමුව රෝහලේ එක්ස් කිරණ යන්ත්‍රය අක්‍රීය වීමෙන් රෝගීන් අසීරුවට රුපියල් කෝටි පහකට අධික වටිනා මීගමුව මූලික රෝහලේ එක්ස් කිරණ යන්ත්‍ර දෙකක් මාස තුනකට ආසන්න කාලයක් ක්‍රියා විරහිතව පැවතීමෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට ලක්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 25 May 2018
16 දෙනාගේ හෘද සාක්ෂියේ සම්මන්ත්‍රණය හෙට මාතරදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම සංවිධානය කරන හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී හෙට (26) පෙරවරු 9.30ට ආරම්භ වේ. 25 May 2018
සයිටම් ගැටලුවට රජය විසඳුම් සොයන්නේ කැබිනට් පත්‍රිකාවෙන් රජය සයිටම් ගැටළුවට විසඳුම් සෙවීම, කැබිනට් පත්‍රිකාවලට පමණක් සීමා කර ඇතැයි සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව කියයි. 25 May 2018
ආපදා මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළට දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගං වතුරින්, අකුණු සැර වැදීමෙන් සහ ඉවුරු, ගස් අතු කඩාවැටීම් වලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 16ක් දක්වා ඉහළ ගොස් තිබේ. 25 May 2018
කෝන්වැව- කරුවලගස්වැව මාර්ගය යටවෙයි පවතින අධික වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව කෝන් වැව ජලාශය අද (25) අලුයම සිට වාන් දැමීම හේතුවෙන් කෝන්වැව- කරුවලගස්වැව මාර්ගය ස්ථාන තුනකින් ජලයෙන් යටවී ඇත. 25 May 2018
දියේ ගිය පිරිස බේරාගැනීමට ගිය කොස්තාපල් අතුරුදන් ගංවතුරට හසුවී සිටින පිරිසක් බේරා ගැනීමට ගිය අවස්ථාවේ මාදම්පේ පොලිස් කොස්තාපල්වරයෙක් දිය පහරට හසුවී අතුරුදන් වී ඇත. 25 May 2018
ඉන්දියාවේදී සාමාන්‍ය වැසියන්ට වෙඩි තැබීමට විරෝධය පා උතුරේ විරෝධතා ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ දී පසුගියදා සිදුවූ වෙඩි තැබීමේදී මියගිය සාමාන්‍ය වැසියන් නිරපරාදේ මරාදැම්මේ යැයි ඉන්දියාවට විරෝධය පාමීන් උතුරේ විරෝධතා වැඩසටහන් රැසක් සංවිධානය ඇත. 25 May 2018
අ’පුර මැදි විදුහලේ ස්මාට් පන්ති නවත්වන්නැයි උද්ඝෝෂණයක් රජයේ නිර්දේශය මත අනුරාධපුර මැදි විදුහලේ සාපෙළ අසමත් සිසුන් සඳහා පවත්වා ගෙන යන ද්විතියක අධ්‍යාපනය හැදැරිමේ (ස්මාට්) පංති ඉවත් කරන ලෙස ඉල්ලා ආදි සිසුන් සහ දෙමාපියෝ අද (25) අනුරාධපුර මැදි විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙති. 25 May 2018
කොටි කාලයේ වළ දැමු රත්තරන් සොයා කැණිම් කළ 5 ක් අත්අඩංගුවට වවුනියාව පම්පමඩුව කැළෑ ප්‍රදේශයක ලෝහ ද්‍රව්‍ය සොයන ස්කෑනර් යන්ත්‍රයක් භාවිතා කර කොටි සංවිධානය විසින් වළ දමා ඇති රත්තරං සොයා කැණීම් සිදුකළ ව්‍යාපාරිකයකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි. 25 May 2018
ගාල්ලේ වැස්සෙන් අයෙක් මරුට - පවුල් 491 ක් අවතැන් දින කීපයක් තිස්සේ නොකඩා ඇදහැලෙන ධාරානිපාත මහ වැස්ස නිසා අද (25) වන විට ගාල්ල දිසාවේ එක් පුද්ගලයකු මිය ගොස් පවුල් 491 කට අයත් පුද්ගලයින් 1816 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 25 May 2018
20 වැනි සංශෝධන ව්‍යවස්ථාව කතානායකට බාර දෙයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම ඇතුළත් 20 වැනි සංශෝධන ව්‍යවස්ථාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කතානායක කරු ජයසුරිය මහතාට අද (25) උදෑසන බාර දෙනු ලැබීය. 25 May 2018
ගිනිගත්හේන- දියගල මාර්ගය තාවකාලිකව වසයි ගිනිගත්හේන ප්‍රදේශයට තවදුරටත් ඊයේ (24) රාත්‍රීයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල මංසන්ධියේ සිට ගිනිගත්හේන නගරය දක්වා අද (25) උදෑසන සිට හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා කිහ. 25 May 2018
පුත්තලමේ පාසල්-නිවාස රැසක් ජලයෙන් යටවේ අද (25) අලුයම පුත්තලම නගරයට ඇදහැලෙන වර්ෂාව නිසා පුත්තලම නගරයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම පොලීසය කියයි. 25 May 2018
ඉන්දියානුවන් සමඟ නිධන් හාරන්න ගිය 7 ක් අත්අඩංගුවට කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් රාමනදපුරම් ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු හා ලාංකිකයින් සිව් දෙනෙකු නිධානයක් ගැනීමට උත්සහ කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට ධර්මපුරම් පොලීසිය පියවර ගෙන ඇත. 25 May 2018
එෆ්.සී.අයි.ඩියට නොගිය මන්ත්‍රීන් කමිටුවලට දාන්න ගියොත් ඒවා හිස්කරන්න වේවි එෆ්.සී.අයි.ඩී.යට නොගිය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටුවලට පත්කරන්න හිතුවොත් කමිටුවල සියලු සාමාජිකයන් ඉවත් කරන්න සිදුවේවියැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය. 25 May 2018
ගුවන් යානයේදී වෙරිවී ගුවන් සේවිකාවගේ අතින් ඇද්ද ව්‍යාපාරිකයා දැලේ ඩුබායි සිට කොළඹ බලා එමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක දී බීමතින් ගුවන් සේවිකාවකට අතවර කිරීමට තැත් කළ බව කියන ව්‍යාපාරිකයකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 25 May 2018
රාජපක්ෂලාට කඬේ යන මාධ්‍යවේදීන්ට සිදුවන්නේ බෙල්ලේ වැලදාගන්න රාජපක්ෂ රෙජිමය නැවත බලයට ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් කරනුයේ තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමාගැනීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී ඊයේ (24) පැවැසීය. 25 May 2018
සංවර්ධන ලොතරැයි ප්‍රතිඵල ජංගම දුරකතනයෙන් සංවර්ධන ලොතරැයි නිල ප්‍රතිඵල ජංගම දුරකතන මගින් ලබාගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඊයේ (24) සිට පහසුකම් සලසා ඇත. 25 May 2018
මධ්‍යම කඳුකරයට යළිත් තද වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට යළිත් ඊයේ (24) රාත්‍රීයේ සිට අධික වර්ෂාව පතිත වෙයි. 25 May 2018
තම්බපණ්නියේ අවතැන් වු පවුල් 30 ක් තබ්බෝව විහාරයට කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ජලාශය පහළ තම්බපණ්නිය ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 30ක් අද (25) අලුයම තබ්බෝව විහාරස්ථානයට රැගෙන ආ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ.එම්.ආර්. අලහකෝන් මහතා පැවසීය. 25 May 2018
තබ්බෝව වාන් දොරටු සියල්ල විවෘතයි මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශයට දරාගත නොහැකි තරම් ජලස්කන්දයක් ගලා ඒම හේතුවෙන් අද (25) අලුයම වාන් දොරටු 20 ම විවෘත කළ බවත් තබ්බෝව අංක 1 ගම්මානයට ගංවතුර තත්වයක් ඇති වන බැවින් එහි ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ආපදා කළමනාකරණ ඒකකය සහා වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. 25 May 2018
රත්මලානේ වෙඩිතැබීමකින් දෙහිවල නාගරික මන්ත්‍රී මරුට රත්මලානේ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී අද (24) මියගොස් ඇති බව පොලිසිය පවසයි. 25 May 2018
කාරක සභා 6ක නව සමාජිකයින්ගේ නම් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් ) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 6කට පත් කෙරුණු නව සමාජිකයින්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවට අද (24) ඉදිරිපත් කෙරිණි. 24 May 2018
16 ටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගිවෙන්න ඉඩ දෙන්න - සුසිල් ප්‍රේමජයන්ත ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගිවීමට අවස්ථාව උදාකරදෙන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) විශේෂ ඉල්ලීමක් කළේය. 24 May 2018
පොලිස්පති විරෝධය නොතකා පාලිත සිරිවර්ධනට උසස්වීම් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරනවාට පොලිස්පතිවරයා දිගින් දිගටම විරෝධය දැක්වූ කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ජතික පොලිස් කොමිසම විසින් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරනු ලැබීය. 24 May 2018
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගංවතුර අවදානම ගැන සොයන්න යුද හමුදා ප්‍රධානීන් පිරිසක් පාර්ලිමේන්තුව ගංවතුරින් යටවීමේ අවධානම පිළිබඳ සෙවීමට යුද හමුදා ප්‍රධානීන් පිරිසක් දියවන්නා ඔයේ අද (24) සංචාරයක යෙදුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 24 May 2018
ඉල්ලා අස්වීම ගැන මොහොමඩ් නවාවී ලිපියක් මගින් පාර්ලිමේන්තුට දැනුම් දෙයි පත් කළ මන්ත්‍රී මොහොමඩ් නවාවී මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වු බව පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 May 2018
තේ - රබර් වලින් ග්ලයිෆොසෙට් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ගැසට්ටුවක් ග්ලයිෆොසෙට් තහනම තේ හා රබර් වලින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 May 2018
උතුරු කොරියානු නායකයා හමුවීම ට්‍රම්ප් අවලංගු කරයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග ලබන මස 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබූ ඓතිහාසික හමුව අවලංගු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ඩොනල්ඞ් ට්‍රම්ප් අද, බ්‍රහස්පතින්දා (24) නිවේදනය කළේය. 24 May 2018
ගම්පහ ව්‍යාපාරිකයාගේ බිරිඳට ඇප ජීව උණ්ඩ ළඟ තබාගන්නා ලදැයි කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටි ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ බිරිඳ ඇප මත මුදාහැරීමට ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා නියම කළේය. 24 May 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026