( නාලක සංජීව දහනායක)
රටේ ස්ථාන කිහිපයකදී බෝම්බ පුපුරායා හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීමේ කිසිදු සාධාරණ නොවන බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (23) පැවැසීය.
එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ විසින් වාර්තාකළ විට ආරක්ෂක අංශවලට අවශ්‍ය උපදෙස් ලබා දීම දේශපාලන අධිකාරිය සතු කාර්යයක් බවද ෆොන්සේකා මන්ත්‍රීවරයා කීය.
එහිදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
රටේ බුද්ධි අංශ කඩාවැටීම එක සැරේටම සිදුවූ දෙයක් නොවන බවකී ෆොන්සේකා මන්ත්‍රීවරයා 2009න් පසුව බිහිවූ සියලූම රජයන් ඒ සම්බන්ද වගකීම භාරගත යුතු යැයිද කීය. 2009 වසරට පෙර මෙවැනි බුද්ධි තොරතුරක් ලැබුනේනම් ඉතාම වේගයෙන් ක්‍රියාත්මකවන බවකී ෆොන්සේකා මන්ත්‍රීවරයා ඒ සදහා ක්‍රියාත්මකවිම සදහා අවශ්‍ය ආරක්ෂක යාන්ත්රණයද මැනවින් සකස්කර තිබූ බව ද කීය.
වර්තමානයේදී එම ආරක්ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීම සම්බන්දයෙන් නිදහසට කරුණු නොකියා ඒ සම්බන්ද වගකීම දේශපාලන අධිකාරිය විසින් බාරගත යුතු යැයිද කීය. ආරක්ෂක අංශ සෑම විටම ක්‍රියාත්මක වන්නේ දේශපාලන අධිකාරියේ උපදෙස් මතයැයි කී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා බුද්ධි තොරතුරු ලැබී තිබුණද මෙහිදී ක්‍රියාත්මකවීම සදහා අවශ්‍ය උපදෙස් දේශපාලන අධිකාරියෙන් ලැබී නැතැයිද පැවැසීය.
එල්.ටී.ටී.ඊ සංවිධානයට මාරගෙන මැරෙන බෝම්බකරුවකු නිර්මාණය කිරීමට අවුරුදු 12ක් ගතවූ බව මෙහිදී පැවැසී ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙම අන්තවාදී සංවිධානයද වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මක වන්නට ඇතැයිද කීය. යුද්ධය අවසන්වූ පසුව මහාපරිමාන බුද්ධි අංශයක් සැකසිය යුතු බවට හමුදාපතිවරයා ලෙස තමන් යෝජනා කළද එවැන්නක් සිදුනොවූ බවද සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සදහන් කළේය.
ගෙවල් වැටලීමෙන් හෝ ආරක්ෂක අංශ මහපාරේ සිටුවා තැබීමෙන් ඇතිවී තිබෙන තත්ත්වය මර්ධනය කළ නොහැකි බව පැවසූ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙම ප්රශ්නය විසදිය හැක්කේ බුද්ධි අංශ ශක්තිමත් කිරීමෙන් පමණක්ම යැයිද කීය. බුද්ධි යාන්ත්‍රණය ශක්තිමත් කළද මෙම ප්‍රශ්න විසදීමට අවම වශයෙන් අවුරුදු තුන්කවත් ගතවනු ඇතැයිද ෆොන්සේකා මන්ත්‍රීවරයා කීය.
ප්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා fieldMarsal හැටියට , මෙවැනි අවස්ථාවට කුමක්ද කළ යුත්තේ ?
ආණ්ඩුව ඔය වැරදි කරනකොට ඊට විරුද්ධව කිසිම දෙයක් නොකර දැන් කතා කියල වැඩක් නෑ මහත්තයො. ඔබතුමාත් මේවාට වගකියන්න ඕන.
මේ රජය කරන්නේ මෝඩ පිරිසක් බව අපි තේරුම් ගෙන බොහොම කල්.
මේ සිදු වු තිරිසන් ක්‍රියාවට සියලු දෙනා වගකිව යුතුයි. මුලිකවම මේ රටේ මෝඩ ඡන්ද දායකයා තමන් වගෙම අය නායකයො කරගත්තම ඒ අය කරන්නෙ මෝඩ වැඩ. දෙවනුව ආරක්ශක අංශ දැන්වත් පාඩම් ඉගෙනගත්තොත් ලොකු දෙයක් අරය හිටියනම් මෙහෙම නැ මෙයා ආවොත් හරි, අපි කලින් කිව්වා වගේ මෝඩ වැඩ නවත්තල දැන්වත් මොලේ ඇති පුරවැසියො වෙන්න මේ ආරම්භයක් විතරයි
ඔබතුමාගේ අදහසට අපි එකඟයි
මෙතුමාට පොලිසිය බාර ඇමතිකම දෙන්න කියල කොච්චර කිව්වද? හොරු අල්ලනවට ඒක දුන්නේ නැහැ. එහෙනම් මෙහෙම වෙන්නේ නැහැ.
ඔබගේ අදහසට ගරු කරමි. මොන ආණ්ඩුවක හිටියත් ඔබතුමාට ඇති දැනුම සහ පළපුරුද්ද මේ අසරණ වෙලාවේ ලබාදෙන්න. ඔබතුමාට පින්.
මෙන්න මේ විෂය පිළිබද නියම සුදුස්සා
100% ඇත්ත
"ආරක්ෂක අංශ සෑමවිටම ක්‍රියාත්මක වන්නේ දේශපාලන අධිකාරියේ උපදෙස් මත යැයි කී සරත් ෆොන්සේකා" දැන් තේරෙනවා නේද යුද්ධය නැතිකරන්න වුවමනා වුණු දේශපාලනික යාන්ත්‍රණය සහ නායකත්වය දුන්නේ කවුද කියලා.. එහෙම නැතිව හමුදාවට විතරක් යුද්දේ කරලා දිනන්න බැහැ. මිනිස්සු දැනගන්න ඕනේ ඡන්දෙ දෙනකොට, රටේ ආරක්ෂාව නැතිව මොන ආර්ථික හැදිල්ලක්ද?
සියලුම අය මීට වගකිව යුතුයි.
මෙයට වගකීම සහමුලින් ගත යුත්තේ ආරක්ෂක අමාත්‍යවරයයි.
ආරක්ෂක ඇමතිකම වගකීමක් ගන්න පුළුවන් පළපුරුදු පුද්ගලයෙක් දැරිය යුතුයි....
ඔබතුමා තනියම යුද්ධ කලා කිව්වා නේද? දැන් ඇයි කියන්නේ ආරක්ෂක අංශ වෙත උපදෙස් දෙන්න ඕනේ දේශපාලකයින් බව.. මටනම් තේරෙන්නේ නෑ. ඔබතුමා කියන සමහර දේවල්...කොහොම නමුත් දැන් පවතින රජය මෙරට ආරක්ෂක අංශ වල කොදු නාරටිය කඩා දමද්දි ඔබතුමා කිසිත් නොකර ගොළුවෙක් බිහිරෙකු සේ සිටියේ මන්ද.. ඒදා ඒ දේවල් නොවුනානම් මෙවැනි සිද්ධි ඇති නොවිමට බොහෝ දුරට ඉඩ තිබුණි..
මෙයාගේ මේ ෆීල්ඩ් මාෂල් තනතුරට ඇති වගකීම කුමක්ද? අනතුරක් සිදු වූ පසු අනික් යට චෝදනා කරන එකද? වගකීමක් නැත්නම් ඔය කියන මහා ලොකු තානන්තරයෙන් ඇති ඵලය කීම?
හලෝ නාලක පොලිස්සියයි හමුදාවයි කියන්නේ සමාන නැති කොටස් දෙකක් කියා හිතාගෙන කතාකරන්න. හමුදාවේ නායකයා උනාට ගුවන් හමුදාවේ කටයුතු බාර දෙන්න බැහැ බාර ගන්නත් බැහැ ඉතින් කොහොමද පොලිස්සිය බාර දෙන්නේ? ඕවා මිනිසුන්ට තිබියයුතු සාමාන්‍ය දැනීම.
මෙහෙම ජනපති කෙනෙක් ගැන අප සියලු දෙන කම්පා විය යුතුයි . අනෙක් අතට ඔහු පත්කළේ අපේ ඡන්දයෙන් නිසා අපටද එම වගකීමෙන් ගැලවිය නොහැක . පොලිසියේ ජයග්‍රහණ පොලිසියේ නොව ජනපතිගේ ජයග්‍රහණයි . කුඩු නැතිකිරීමේ සටන කරන්නේ පොලිසිය නොව ඔහුයි . එහෙත් පාස්කු විනාශයට වග කිව යුත්තේ පුජිත් ජයසුන්දරයි . .
මට මතකයි මෙයා එක පාරක් කිව්වා ජාති ආරක්ෂාව කිසි ප්‍රශ්නයක් නැහැ කියලත්.. පස්සේ මෑතකදිනන් කිව්වා අරක්ෂාව මදි කියල..
ඉස්සෙලාම රට වෙනුවෙන් කරන්න ඕන වගකීම් පැහැර ඇරියේ කව්ද කියා හොයන්න . අපේ රටට මෙයිට වැඩිය දෙයක් වුනානම් එත් එච්චරයි . අපි දන්නවා , මම කීයටවත් අහවලාට බාර දෙන්නේ නැහැ කියන මතයනේ තියෙන්නේ . දැන් මොකද වුනේ ? ජනතාව ජීවිත වලින් වන්දි ගෙව්වා . ඇත්ත ඒකයි. වගකීමක් නැහැ . බල ලෝභය මිසක් . ඒ අස්සේ දුෂිතයෝ බොරදියේ මාළු බානවා .