අළුගෝසු තනතුරට අයැදුම්පත් 8 ක් අළුගෝසු තනතුර සඳහා තමන් බඳවා ගන්නා ලෙසට ඉල්ලමින් පුද්ගලයන් 8 දෙනෙකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර මුලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි. 19 July 2018
එමිල් රංජන්-රංගජීවගේ ඇප අයැදුම ඉවතට හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ගොනු කළ ඇප අයඳුම්පත් මහාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ. 19 July 2018
මඩකලපුවේ සනීපාරක්ෂාව වැඩිකරන්න ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමක් මඩකලපුව දිස්ත්‍රික්කයේ සනීපාරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද (19) අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි. 19 July 2018
පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළට ඉන්ධන ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ සඳහා කිලෝ මීටරයට ගෙවන ප්‍රවාහන දීමනාව වැඩි කිරිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. 19 July 2018
ඇලෝසියස්ට - පලිසේනට බන්ධනාගාරයෙන් කන්න දීලා නෑ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් දෙදෙනාට අද (19) උදෑසන 6 සිට පැය 8 පමණ කාලයක් කෑම හෝ වතුර ලබා දී නැතැයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණූ වාර්තා කළේය. 19 July 2018
‘මත්තල විදෙස් සමාගමකට දෙනවානම් ඒ නිත්යනුකූලවයි මත්තල ගුවන්තොටුපොළ විදේශ සමාගමකට පවරන්නේ නම් එය සිදුකරනුයේ නීත්‍යනුකූල අන්දමින් මිස කොලේ වසා ගැනීමකින් නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 July 2018
සෝමාවතී වනෝද්‍යානයේ ගින්නක් සෝමාවති ජාතික වනෝද්‍යානයේ අද (19) දහවල් ගින්නක් ඇති වී තිබෙන බව පුලස්තිපුර පොලිසිය කියයි. 19 July 2018
අල්ලස් ගත් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්ට සිර දඬුවම් පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය නිර්දේශය ලබාදීම සඳහා ගල්කොරියක හිමිකරුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට වසර 10 ක බරපතල වැඩ 19 July 2018
භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතෙන් සංඝ්‍යා භේද වෙනවා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ යෝජනාවක් ලෙස ගෙන එන පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සැරසෙන භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් සිදු වන්නේ භික්ෂුන් වහන්සේලා බේද කිරීමත්, භික්ෂුන් වහන්සේලා හට දඬුවම් කිරීමට නව නීති සෑදීමත් පමණක් බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. 19 July 2018
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක් බැවින් එය ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය නිර්දේශ කර ඇත. 19 July 2018
‘චාමර සම්පත්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා’ ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් මහතා ශ්‍රීලනිප කලා වැව ආසන බල මණ්ඩල රැස්වීමේදී කළ ප්‍රකාශය මගින් අල්ලස් දීම ප්‍රසිද්ධියේම පිළිගෙන ඇතැයි ද එම නිසා ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන්නේ යැයි ද එම පළාත් සභා ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය. 19 July 2018
‘පළාත් සභා බලය ස්ථාපිත නොකිරීමෙන් උතුරු පළාත් රාජ්‍ය ආයතනහි පරිපාලනය දුර්වල වෙලා‘ පළාත් සභාවේ බලය ස්ථාපිත නොකිරිම නිසා උතුරු මැද පළාත තුළ පිහිටි රාජ්‍ය ආයතන සියල්ලේම පරිපාලනය කඩාවැටී මෙන් පළාතේ ජනතාව මහත් පීඩාවට පත්ව ඇතැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතා අද (19) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය. 19 July 2018
‘ජනපතිවරණයේ දී රුසියාවේ මැදිහත්වීම ගැන පුටින් වගකිව යුතුයි’ ජනාධිපතිවරණයේ දී රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට පෞද්ගලිකව වගකිව යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පවසයි. 19 July 2018
වෙරෝනා‘අඩ්ජේ‘ගඟට වැටුණු ලාංකිකයාගේ සිරුර දින 5කට පසු සොයා ගනී ඉතාලියේ වෙරෝනා නගරය මැදින් ගලායන අඩිජේ නම් ගංඟාවේ ගිලී අතුරුදන්ව සිටි ශ්‍රි ලාංකිකයෙකුගේ මළ සිරුරක් දින 5 ට පසුව සොයාගෙන ඇති බව ඉතාලි ආරංචි මාර්ග පවසයි. 19 July 2018
ගතවූ වසර දෙකහමාරට කොටි බෝම්බ සහ මර උගුල් 5000 කට වැඩියෙන් සොයා ගනී 2016 සිට 2018 වසරේ මේ දක්වා කාලය තුලදී කිලිනොච්චියේ මුලතිව් දිස්ත්‍රීක්කයන්හී යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන ලද විවිධ වර්ගයේ බෝම්බ ඇතුළු විවිධ වර්ගයේ මර උගුල් 5442 ක් සොයාගෙන ඇති බව බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ නිරත ආරක්ෂක අංශ හා රාජ්‍ය නොවන සංවිධාන විසින් පෙන්වා දෙයි. 19 July 2018
මිතුරාට පහරදී කප්පම් ඉල්ලයි මිතුරාට පහරදි ජාතික හැඳුනුම්පත කොල්ලකා එය ආපසු දිමට රුපියල් පන් දහසක කප්පමක් ඉල්ලා සිටි තිදෙනෙකු උඩුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 19 July 2018
පඹුරුගස්වැව විද්‍යාලය යටවීමේ අවදානමක් යාංඔය ජලාශ යෝජනා ක්රමයේ ඉදිකිරිම් අවසන් කර ඇති අතර ජලයෙන් යටවන ගෝමරන්කඩවල පඹුරුගස්වැව විද්‍යාලය තවමත් ඉවත් නොකිරිම හේතුවෙන් හදිසි වර්ෂාවකදී පාසල යටවීමේ අවදානමක් පවතින බව එහි විදුහල්පති එස්.පි.ජයතිලක මහතා පැවසිය. 19 July 2018
කඳවුරු පවත්වාගෙන යෑම - භට පිරිස් තීරණය කිරීම හමුදාපතීන්ගේ වැඩක් හමුදා කඳවුරු පවත්වා ගෙන යාම සහ බලඇණිවල භට පිරිස් තීරණය කිරීම ඇතුළු හමුදාවල සියලු පරිපාලන කටයුතු සිදුකරනුයේ ඒ ඒ හමුදාපතිවරුන් විසින්යැයිද ඒ පිළිබඳව රජය කිසිදු අතපෙවීමක් සිදු නොකරන්නේයැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය. 19 July 2018
නීතිඥ සුගන්ධිකාට තාවකාලික තහනමක් මේ දිනවල දී සමාජයේ කතාබහට ලක්වු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමට මාසික රැස්වීමේ දී ඒකමතිකව තීරණය කළ බව හලාවත නිතිඥ සංගමය කියයි. 19 July 2018
කොටීන්ගේ පුහුණු කඳවුරක තිබී යුද උපකරණ තොගයක් ගොඩගනී මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේ දී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක සිදු කරන ලද කැණීම් වලදී බබා මෝටාර් නැමති විශාල උණ්ඩ දෙකක් සමඟ යුද උපකරණ තොගය මුලතිව් සහ යාපනයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් අද (18) ගොඩ ගෙන ඇත. 19 July 2018
කළුගඟ ව්‍යාපෘතියට සෞදියෙන් කෝටි 265ක ණයක් කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල සෞදි රියාල් මිලියන 60ක් හෙවත් රුපියල් කෝටි 265ක අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී තිබේ. 18 July 2018
අලින්ට වඳ සැත්කම් කළ නොහැකිදැයි පුත්තලමේ කතක් අසයි අලි කරදයට විසඳුමක් ලෙස අලින් බෝවීම වැළැක්වීමට අලින්ට වඳ සැත්කම් කිරීමට ක්‍රමයක් නැතිදැයි පුත්තලම කිවුල අංක හතර ප්‍රදේශයේ කාන්තාවක් පුත්තලම සහකාර වනජීවී අධ්යක්ෂවරයාගෙන් අද විමසීමක් කළාය. 18 July 2018
නීතීඥයාට අඩත්තේට්ටම් කළ වැලිකඩ හිටපු ඕඅයිසී අවුරුද්දක් හිරේට සිය රථය පසුකර යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්ව අනෙක් රථයේ ගමන් කරමින් සිටි නීතිඥවරයාට පහරදී අඩත්තේට්ටම් කිරීමේ චෝදනාවට වරදකරු වූ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියම කළේය. 18 July 2018
ව්‍යාජ නිවේදනය ගැන පොලිසියට පැමිණිල්ලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ව්‍යාජ නිවේදනයක් සම්බන්ධයෙන් අද (18) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා ලංකාදීපයට පැවසීය. 18 July 2018
අග්නිදිග තාක්ෂණ පීඨ සිසුහු කොළඹදී සත්‍යග්‍රහයක අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලනයෙන් වසරක් තිස්සේ සාධාරණයක් ඉටු නොවන බව කියමින් එම විශ්ව විද්‍යාලයයේ තාක්ෂණ පීඨ සිසුහු අද (18) කොළඹ නගර ශාලාව අසල අට්ටාලයක් බැඳ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 18 July 2018
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවෙයි මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වනු ඇති බව යුරෝපා සංගමය අනතුරු අඟවා ඇත. 18 July 2018
සුළු ව්‍යාපාරිකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකු ඇප කොන්දේසි ලිහිල් කරයි සුළු පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 July 2018
උතුරු- නැ‘හිර හමුදා කඳවුරු අඩු කිරීමට රජය උපදෙස් ලබා දී නැහැ උතුරේ හෝ නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීමට හෝ භට පිරිස් අඩු කිරීමට හෝ හමුදාවට රජය කිසිඳු උපදෙසක් දී නැතැයි රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 July 2018
තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි රජයේ පාසල්වල 12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වූ 2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (ජිට්) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 18 July 2018
විදෙස් සේවා කාර්යාංශයේ වංචා ගැන විමර්ශනයක් පසුගිය 2012 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ සිදු වූවා යැයි කියන මූල්‍ය අවභාවිත සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන ලෙස අභියාචනාධිකරණය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (18) නියෝග කළේය. 18 July 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026