(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
කුරුණෑගල පොලිසියේ අපරාධ කොට්ඨාස යේ පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, කුරුණෑගල පොලිස් ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
තමන් අයථා ලෙස දේපල උපයා ගෙන ඇතැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ද වෛද්‍ය සාෆි සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
ආබ්දීන් ඇසෝසියේටඩ් නීතීඥ සමාගමේ උපදෙස්මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා සමග හිජාස් හිස්බුල්ලා, හෆීස් ෆාරීස්, ෂිෆාන් මහරුෆ්, එන්.ජෙගදීෂ්වරන් යන නීතීඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
තමන් අයථා ලෙස දේපල උපයා ගෙන ඇතැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ද වෛද්‍ය සාෆි සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපදේශන මණ්ඩලෙන් පේනවා මේවා මොන පැත්තටද යන්නේ කියල.
පැහැදිලිව මේ සිද්ධියේදී පොලීසිය වැඩ කරේ නීතිය ගැන මෙලෝ අවබෝධයකින් නෙමෙනේ. අද වෙනතුරු උසාවි ඉදිරිපත් කර නෑ කියන්නේ කාගෙ හෝ උවමනාවට හොයන්නේ බලන්නේ නැතුව අනාගත්තු සිද්ධික් එහෙම නැත්තම් ලකුණු දාගන්න ගොස් හත්පොලේ ගාගත්ත සිද්ධික්. සල්ලි ලෑස්ති කරගන්න වෙයි නිලධාරීන්ට. උගත් බුද්ධිමත් නිලධාරීන් ඉහළ තනතුරු වලට ගන්න ඕන කියන්නේ ඒ නිසයි.
ඔයා බලහත්කාරයෙන් වඳ සැත්කම් කලා කියලා පැමිණිලි දාහක් පැනලා තිබෙනවා. ඒ එක පැමිණිල්ලක් සම්බන්දව ප්‍රශ්න කොරන්න දින 2 රඳවා ගැනීමේ නියෝග ගත්තානම් ඔයා දින 3700 පමණ කූඩුවේ රැඳී සිටින්න ඕනේ. ඒක එන්නේ තව ඉස්සරහට.
අයථා ලෙස දේපල උපයා ගත් නිසාද. නැත්නම් සිංහල කාන්තාවන් වඳ කරපු නිසාද .
ඔයා එතකොට කරලා තියෙන්නේ හොඳ දෙයක්ද? ඔයාල වගේ අයට මොන මුලික මිනිස් අයිතිවාසිකම්ද??
අනිවාර්යයෙන් නිදොස් කොට නිදහස් වෙයි. රටේ තත්වය එහෙමයි.....
අන්තිමට අර සුක්කානම වගේ වෙලා අන්තිමට අර ගැහැණු දහස් දෙනාටම වන්දි ගෙවන්න වේවිද දන්නේ නැහැ
එල්ලුම් ගහ තියෙන්න ඕන කෙනෙක් හිරේ තියාගෙන ඉන්න එකයි වරද
අර අහිංසක පවුල් වලට මුලික අයිතිවාසිකම් නැහැ නේද? කැලේ නීතියද? මේවාගේ අවනින්දිත, ජාති ජාතිත් මහා පොලව නුහුලන අපරාධකරුවන්ට විතරද මුලික අයිතිවාසිකම් තියෙන්නේ? යුක්තියේ සාධාරණත්වය අපරාදකරුවන් හට වෙනමමද බලපාන්නේ?
ඔහොම අත්අඩංගුවට ගත්ත එකේ ඇතුලටම වෙලා ඉන්න කියන්න..
හැම කෙනාටම අවස්ථාවක් එනවා
සාහසික අපරාධ ගණන 1000 ට වැඩියි . .
මේය ඉතා සංවේදී මාතෘකාවක්. ආණ්ඩුව, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ල, මේ ප්රශ්නය ඉතාම නින්දිත ලෙස මහජනතාවටම කුණු රසය සූප්පු කරන්නට ඉඩදී බලා සිටිනවා. ශ්‍රී ලාංකික ජාතියම, ඉතාම ශිෂ්ටසම්පන්න යැයි කියාගනිමින්, නිරෝගී බෝසත් පැටව් බිහිකරන්නට දොඩවමින්, ලෙයට ලෙය යා කරමි කියමින්, නමුත් මෙවන් මාතෘකා ඉතාම කැමැත්තෙන් රස විඳිනවා. දරුවකු බිහිකරන්නට සිටිනා හෝ මේ වනවිට මුස්ලිම් වෛද්‍යවරයෙකුගෙ සායනවලට සහභාගි වන හෝ වූ කාන්තාවකගේ මානසික තත්ත්වය ගැන සිතන්න. එය බිහිවන දරුවාට කොපමණ බලපාවි දැයි සිතන්න. නැත, එසේ සිතන්නට තරම් ජාතිකයක්, සමාජයක් ලෙස අප පරිණත වී නැත. බමුණුආරච්චි වැනි නොදියුණු මිනිසුන් දකින්නට කැමති ගෝත්‍රික සමාජය එයයි.
ඇතුලේ ඉන්න එක ඇඟට ගුණයි.
සේන එල්ලුම්ගහට ගියොත් විඳවන්නේ තප්පර ගානයි. හිරේ ගියොත් ජීවිත කාලයම විඳවනවා. අපි ඉල්ලන්න ඕනේ එල්ලුම් ගහට යවන්න නොවෙයි ජීවිත කාලයට හිරේ යවන්න. යන කෙනා අතර මග නිදහස් නොකරන්න කියා.
මෙ සිද්ධිය මුල ඉඳල බලපුවහම ඕනෑම මොලේ තියෙන කෙනෙකුට තේරෙන්න ඕන මේක පෞද්ගලික කෝන්තරයක් පිරිමහගන්න හා දේශපාලන අරමුණු සඳහා කිසිම සාක්ෂියක් නොමැතිව සහ විද්‍යාත්මක පදනමක් නැතුව කරපු මෝඩ වැඩක් කියලා. එත් ලාංකිකයන්ට විචාරක බුද්ධිය තිබුනට විචක්ෂණ බුද්ධිය හරිම අඩුයි. ඇත්ත කෙසේ වෙතත් තමන්ට ආශ්වාදයක් ගෙනදෙන දේ විතරයි විශ්වාස කරන්නේ. මේ සිද්ධිය ඇත්ත කියල ඔප්පු කරන්න හුදෙක් වචන විතරක්ම පාවිච්චි කරා මිසක් විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරිවෙලා තියෙනවා. කෙනෙක් නොකරපු දෙයකට මුළු සමාජයම එකතුවෙලා ඒ මිනිහට කරපු දේ කොයි තරම් සදාචාරාත්මකද කියල තමන්ගේ හෘද සාක්ෂියෙන්ම අහල බලන්න.
අසාධාරණ අත්අඩංගුවට ගැනීමකි. මෙයට සම්බන්ධ සැම දෙනාම නීතිය ඉදිරියට ගෙන යා යුතුය.
මේ ප්රශ්නය ළඟදීම ආපහු කැරකෙන්න පුළුවනි. මට ආරංචි විදිහට මේ මනුස්සයා අහිංසකයෙක්. එක්තරා දේශපාලකයෙක්ගෙන් මුදල් අල්ලස් ගත්ත ගැහැණුන් විසින්ලු.. මේ බව පැමිණිලි කලේ. දැන් 500දෙනෙක් මේ දොස්තරව කන්සල්ට් කරලා නැතිබව ඔප්පුවෙළාලු... ඉතිරි 500න් පරීක්ෂණවලට ඉදිරිපත්වෙලා තියෙන්නේ 50ලු. ඒ 50ත් තම ස්වාමි පුරුෂයා සමග ඇවිත් පරීක්ෂණය කරවාගන්න අකමැතියිලු. ඒ ඔවුන්ගේ පළමු දරුවාගේ පියා පිළිබඳ ප්‍රශ්නයක් නිසා බව ආරංචියි...
මට හිතෙනවා මුසල්මානුවන් සිංහල නම්වලින් ලියනවා කියලා...