(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයාගේ තටු කපා එතුමා නිකමෙකු ලෙස තබාගෙන තමන්ට බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කූට උපක්‍රමයක් යොදා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු උපදේශකවරයා ලෙස මෙයට සම්බන්ධ වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාත් මෙහිදී ජනාධිපතිවරයාගේ බෙල්ල කපා ඇතැයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
සංශෝධනය හේතුවෙන් රාජ්‍ය පාලනය බෙදී ගොස් රට තුළ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ද මහලේකම්වරයා සදහන් කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තටු නැතිව කරපු හරිය හොඳටෝම ඇති.
දැන්ද මේවා පේන්නේ.
අත ඉස්සුවා නේද?
මහලේකම්තුමා 19 සංශෝධනයෙන් එක්සත් ජාතික පක්ෂය ජනපතිගේ බලතල කැපුව කියන්නේ මෙයින් වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක්ද. යම් විදියකින් එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙක් පත්වෙලා ඔබලාගේ රජයක් ඇතිවුනොත් එක්සත් ජාතික පක්ෂ ජනපතිගේ බලතල කැපෙන්නේ නැද්ද. එහෙමනම් 19 සංශෝධනය හරිම අපූරුයිනේ. එක් ජාතක කථාවක තියෙනවා දීඝායු දුර බලන්න ලඟ බලන්න එපා කියල මරණය ඉදිරියේ පියෙකු පුතෙකුට කිවූ කථාවක් ඒක කියවල බලා ඒගැන හිතන්න
ඔබට දැන් තේරුනත් බොහෝ දෙනෙකුට එදාම තේරුණා.
මේ ඔක්කොම කියවීමට, කතා කිරීමට බැරි තොත්ත බබාලා.... හරහට වඩාගෙන කිරි පොවන්න ඕනේ ..හැබැයි කතා කලොත් ඔක්කොම කළු කබා කාරයෝ....නොදකින් මෙහෙමත් නිවටයෝ...
2015 දී ජනතාව යහපාලයට ඡන්දෙ දුන්නේ ජනාධිපති තටු කපන්න නොවෙයි මන්ත්‍රි තුමා, තටු ගලවන්න. තටු ගලවනවා කියාලා තමා කීප දෙනෙක්ම පොරොන්දු වුණේ!
ඇයි ඔයාත් පක්ෂව අත උස්සුවේ නැද්ද?
අපේ ජනාධිපති කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කියලද දයාසිරි මේ කියන්නේ? මට නම් මේ කතාවෙන් තේරෙන්නේ එහෙම දෙයක්.
තටු කපනවා නෙවෙයි අහෝසි කරනවා කියලා බලය ගත්තෙ. මොහුට අමතක වීමෙ ලෙඩේ තියනවා වගේ.